(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් පසුගිය මාස කීපයේදී හදිසියේ මිය ගොස් ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් මැතිසබේට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) වනජීවී ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලීමක් කළේය.
ඔහු මෙම ඉල්ලීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.
විපක්ෂනායකවරයා මෙසේද සඳහන් කළේය.
අලි ඇත්තු ලොකු ප්‍රමාණයක් පසුගිය මාස කීපයේදී හදිසියේ මිය ගිහිල්ලා තියෙනවා. ඒක බරපතළ ප්‍රශ්නයක්. ඒ ගැන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට වහාම දැනුම්දී ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න කියලා ඇමතිතුමියගෙන් ඉල්ලීමක් කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෝචිත ඉල්ලීමක් කියන්න පුළුවන්... ඒ සමගම වටිනා මිනිස් සම්පත් විනාශයට හේතුවක් වන යතුරු පැදි, විශේෂයෙන් ස්කූටි, යතුරු පැදි නිසා රටේ කොපමණ මරණ සංඛාවක් දිනපතා සිදුවේද? මාසිකව කොහොමද හා 2019 සිට මේ දක්වා කොපමණ එහෙම මරණ සිදුවෙලා තිබේද කියලාත් සොයා ඒවාට ප්‍රතිකර්ම කරන්න කියලා ඉල්ලන්න කැමැතියි..!
හොඳින් හිටිය අලියව නොමරා මරා දැන් වාර්තා ඉල්ලනව .
වල් අලි පහරදීම් වලින් මියගිය ගොවීන් ප්‍රමාණය පිළිබඳවද පරීක්ෂණයක් පැවැත්විය යුතුයි...