
(මදුශානි අබේසිංහ)
ඇළහැර දිග්ගල්පිටිය ඇතුළු අවට ගම්මානවලට පවතින වන අලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට බල කරමින්, ගොවි සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු සහ ගොවීන් පිරිසක් පොළොන්නරුව සම්බන්ධීකරණ කමිටු රැස්වීමට බලහත්කාරයෙන් පැමිණ ඊට විසඳුම් ලබාදෙන ලෙසට විරෝධතාවයක්ද නිරත වූහ.
ජාතක ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සහ දිස්ත්‍රික් ලේකම්වරයා, වනජීවීන් නිලධාරින්, දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර එම රැස්වීම සඳහා ඇතුල්වන දොරටු අසලට ගොවීන් පැමිණ කෑකෝ ගසමින් වන අලි තර්ජනයට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළහ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිව්වන මහලේ රැස්වීම් ශාලාවේ ප්‍රධාන දොරටුව අසල පැය කිහිපයක් රැඳී සිටි ගොවි සංවිධාන නියෝජිතයන් සහ ගොවීන් මාධ්‍ය වෙත අදහස් දැක්වෙමින් පැවසුවේ ගම්මානයේ මොහොතේ වන විටත්, අලි කිහිප දෙනකු රැඳී සිටින නිසා එම වන අලින්ගෙන් තම දේපළ හා ජීවිතවලට යම් හානියක් සිදුවීමට පෙර අලින් පලවා හැරීමට කටයුතු කරන ලෙසටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන තැපෑලෙන් වදියි.
අලි මිනිස්සු ගැටුමට සහ වනාන්තර ඉඩම් බලෙන් අල්ලන එකට, එකම විසඳුම සියලුම වනාන්තර වටා පවුරක් ඉදිකිරීම... මෙමගින් කිසිම සතෙකු මිනිස්සු ඉන්න පැත්තට එන්න බෑ.., හැටියට chinese wall eka වගේමයි. කවුරු හරි ආණ්ඩුවට මේ යෝජනාව කරන්න... ස්තුතියි...!