IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අලි ගැටළුවට විසැදුම් ඉල්ලා ගොවීහු ඩී.සී.සී රැස්වීමට කඩා පනිති

(මදුශානි අබේසිංහ)

ඇළහැර  දිග්ගල්පිටිය ඇතුළු අවට ගම්මානවලට පවතින වන අලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට බල කරමින්, ගොවි සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු සහ ගොවීන් පිරිසක්  පොළොන්නරුව සම්බන්ධීකරණ කමිටු රැස්වීමට බලහත්කාරයෙන් පැමිණ ඊට විසඳුම් ලබාදෙන ලෙසට විරෝධතාවයක්ද නිරත වූහ.

ජාතක ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සහ දිස්ත්‍රික් ලේකම්වරයා, වනජීවීන් නිලධාරින්, දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර එම රැස්වීම සඳහා ඇතුල්වන දොරටු අසලට ගොවීන් පැමිණ කෑකෝ ගසමින් වන අලි තර්ජනයට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළහ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිව්වන මහලේ රැස්වීම් ශාලාවේ ප්‍රධාන දොරටුව අසල පැය කිහිපයක් රැඳී සිටි ගොවි සංවිධාන නියෝජිතයන් සහ ගොවීන් මාධ්‍ය වෙත අදහස් දැක්වෙමින් පැවසුවේ ගම්මානයේ මොහොතේ වන විටත්, අලි කිහිප දෙනකු රැඳී සිටින නිසා එම වන අලින්ගෙන් තම දේපළ හා ජීවිතවලට යම් හානියක් සිදුවීමට පෙර අලින් පලවා හැරීමට කටයුතු කරන ලෙසටයි.

 



අදහස් (2)

අලි ගැටළුවට විසැදුම් ඉල්ලා ගොවීහු ඩී.සී.සී රැස්වීමට කඩා පනිති

Damith Sunday, 15 December 2024 03:41 PM

බලාගෙන තැපෑලෙන් වදියි.

:       2       3

Srinath priyantha karunarathna Sunday, 15 December 2024 04:39 PM

අලි මිනිස්සු ගැටුමට සහ වනාන්තර ඉඩම් බලෙන් අල්ලන එකට, එකම විසඳුම සියලුම වනාන්තර වටා පවුරක් ඉදිකිරීම... මෙමගින් කිසිම සතෙකු මිනිස්සු ඉන්න පැත්තට එන්න බෑ.., හැටියට chinese wall eka වගේමයි. කවුරු හරි ආණ්ඩුවට මේ යෝජනාව කරන්න... ස්තුතියි...!

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site