IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අලි අඟල් කපන්න කිවුවත් සල්ලිදී නෑ

 

(සුජිත් හේවාජුලිගේ )

අලි අඟල් කපන්න කිව්වත්  ආණ්ඩුව ඒ සඳහා ප්‍රමාණවත් මුදලක්  ලබාදී නැතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා චෝදනා කළේය.

ප්‍රමාණවත් මුදලක් ලබාදී නැතත් විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරමින් අලි  අඟල් කැපීම දිගටම කරගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා නිහඬව නිකරුණේ කාලය ගත කර අලින් සහ මිනිසුන් බේරා ගැනීම කළ නොහැකි බවද ප්‍රකාශ කළේය.

අඩි අගල් කැපීමේ කටයුත්තට ඇතැම් නිලධාරින් මෙන්ම ආයතන බාධා කරන බවත් ඇතැම් පරිසර සංවිධාන මේ සම්බන්ධයෙන් තමාට විරුද්ධව නඩු පවරා ඇති බවද  ඔහු පැවසුවේය.

තමාට විරුද්ධව නඩු දාන අයට තොරතුරු ලබාදී උදව් කරන පිරිසේ වනජීවී නිලධාරීන්ද සිටින බව විමලවීර දිසානායක මහතා කීවේය.

මේ අතර ශ්‍රී ලංකාවේ කුණු කඳුවල කුණු අනුභව කර අලි මිය යන බවට සමහර විදේශිකයන් පවසන කතන්දර පට්ට පල් බොරු බවද  හෙතෙම සඳහන් කළේ‍ය.



අදහස් (7)

අලි අඟල් කපන්න කිවුවත් සල්ලිදී නෑ

siri Friday, 28 January 2022 08:43 PM

මහත්තයෝ... ගමේ බැංකුවේ දාන පඩියවත් බේරාගන්න විදිහක් නැති මේ කාලේ සල්ලි තියෙන්න එපායෑ දෙන්න... රජ කාලේ "කියනකොට එහෙමයි, කරන කොට මෙහෙමයි" කියලා කිව්වෙත් ඔය වගේ උප්පරවැට්ටිවලට තමයි...

:       0       1

සේනක ඉතාලිය Friday, 28 January 2022 11:55 PM

බොරු කියන්න එපා යකෝ... විදේශිකයින් කියන්නේ සාක්කි ඇතුවයි. ඒ මිනිස්සු මෙහෙ ඇවිල්ලා අපිටත් පෙන්නුවා. අම්පාර පැත්තේ පින්තූර... තමුන්නාන්සේලාගේ නොහැකියාව ප්‍රදර්ශනය කරන්න එපා...

:       0       2

Demuni Uduwara Saturday, 29 January 2022 04:52 AM

පිරිත් දේශනා පවත්වන්න ඒ සල්ලි ගත්තා වෙන්නැති..! ඊයේ කොරෝනා 2526යි, අද 961යි...!

:       0       1

Sunil Saturday, 29 January 2022 05:12 AM

ඇස් පනාපිට වීඩියෝ පට තිබෙද්දී මේවා බොරු යැයි කියන්නේ කොහොමද? අගල් කැපීම තවත් පරිසර විනාශයකි..

:       0       1

Surath Saturday, 29 January 2022 05:56 AM

අගල් කපන්නේ පස් කපාගෙන විකිණීම ඇමැතිලාගේ ප්‍රධාන අරමුණ. එහෙයි නොකියා වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නේ එම සැලැස්මයි. මේ හැමෝම රටට සාපයක්...

:       0       1

චමින්ද Saturday, 29 January 2022 10:50 AM

ඇයි විභාග අසමත් ලක්ෂයකට රක්ෂා දුන්නේ ඔවුන්ට පඩි ගෙවනවා මිස වැඩක් නැහැ නේද? ඔවුන්ට කියලා කරන්න බැරිද?

:       0       4

Nandana Sunday, 30 January 2022 12:49 PM

ශ්‍රමදානයක් කරන්න... ඒක හොඳම පියවරක්... ඇයි සල්ලි ගැන හිතන්නේ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site