(ඩයනා උදයංගනී)
කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකු මීට සුළු මොහොතකට පෙර වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ.
ඔහු අරලියගහ මන්දිරයේ ආරක්‍ෂාවට යොදවා සිටි අයෙකු බවත්, රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවත් වාර්තා වේ.
වෙඩි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පොලිසිය පවසයි.
මෙම සෙබළා වෙඩි තබාගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වරකාපොල අල්ගමල කන්දේගමල ගොඩයාකන්ද ප‍්‍රදේශයේ පදිංචිව සිටි දිල්රුක්ෂ අමරසිංහ නැමැති 30 හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල් වරයෙකි.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමකින් එස්ටීඑෆ් සෙබළෙක් මරුට
wedage Thursday, 04 April 2019 06:33 AM
සොහොන් ලකුණු නේද මේ අප්පා
smith Thursday, 04 April 2019 06:52 AM
අගමැතිතුමාට මුකුත් කරදරයක් කරන්න හැදුවද?
Chinthaka Thursday, 04 April 2019 07:05 AM
Senith Thursday, 04 April 2019 07:15 AM
අපරාදේ වෙඩි උණ්ඩය
Sapumal. Thursday, 04 April 2019 07:43 AM
ඔහුට තදබල මානසික පීඩනයක් හෝ බලවත් සිත් වේදනා තිබෙන්නට ඇති. අනේ පව් ! මේ නිල ඇඳුමකට යටවී සිටියත් අප වගේම අයනේ. මොවුන්ගේ ප්‍රශ්න ගැටළු සොයා විසඳුම් ලබාදී ඔවුන් හොඳ මානසික තත්වයක් යටතේ ගිනි අවිය අතටදී සේවයේ යෙදවිය යුතුයි. මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමයි.
දිමුත්Thursday, 04 April 2019 11:31 AM
ඔව්. ඇත්තටම පව්!
අමරේThursday, 04 April 2019 01:16 PM
පොලිස් පති තුමා හොද මානසික තත්වයකින්ද ඉන්නේ?
Sapumal.Thursday, 04 April 2019 05:54 PM
මෙහිදී මා කිසිදු දේශපාලනයක් ගැන සඳහන් කරලා නැහැ. මා කීවේ ඔහු පත්වූවේ යයි සිතිය හැකි මානසික මට්ටමක් ගැනය. එය ගෙදරින්ද කාගේන්ද කියා මා කීවේවත් දන්නේවත් නැහැ. අනේ ! මධ්‍යස්තව ඇත්ත පවසන අපට කාට වැදුනත් නොවැදුනත් එකයි. කැමති කට්ටිය කැමති ආකාරයකට තොප්පිය දා ගැනීම තමන්ගේ වැඩක්.
Rata Perata Thursday, 04 April 2019 07:53 AM
මරණයටත් දේශපාලන කතා කියන අයයි අපිට ඉන්නේ.
amali Thursday, 04 April 2019 08:09 AM
සි සි ට්වි දර්ශන නැතිද ? තොරතුරු පනත යටතේ ඉල්ලන්න පුලුවනිනේ දර්ශන.
sirimal Thursday, 04 April 2019 08:24 AM
මෙය මිනි මැරුමක් ලෙස උකහා දැක්වීමට එක්තරා දේශපාලඥයෙකු නැවත බලයට පත්කිරීමට උත්සාහ කරන කණ්ඩායමක් අන්තර් ජාලය හරහා ඉතාම පහත් අමන උත්සාහයක දී ඉන්නා බව පෙනෙන්නට තිබීම කෙතරම් කනගාටු දායකද? ඇත්ත වශයෙන්ම මේ උත්සාහය එම දේශපාලඥයාටත් කරන බලවත් නිගරුවක් ලෙසටයි අපි දකින්නේ.
TIKIRIThursday, 04 April 2019 10:57 AM
මේ වැඩේ මහින්දගේ කාලේ උනානම් සිරිමල් කොහොමද කියන්නේ ?
sirimalThursday, 04 April 2019 11:39 AM
මොකද්ද ඒ කතාවේ තේරුම? මහින්දගේ කාලේ සියදිවි නසාගැනීමක් වුනානම් ඒකත් සියදිවි නසා ගැනීමක් මිස වෙන දෙයක් වෙන්නේ කොහොමද? මේ වගේ අදහස් දැක්වීම් වලින් පෙනෙන්නේ මහින්ද නැවත බලයට පත් කළ යුතු යැයි සිතන කට්ටියගේ ප්‍රඥාවේ තරම තමයි.
supun nilanka Thursday, 04 April 2019 08:57 AM
රට පෙරට, ඔබතුමා ලංකාවේද ලංකාවෙන් පිටද ඉන්නේ ලංකාවේ අද තිබෙන විශාල ප්‍රශ්න රැසකට වග කියන්න ඕනේ දේශපාලනය කරන මහත්වරු නොවේද ? දේශපාලනය ඇත නොගැසූ එක සමාජ ආර්ථික ආගමික ස්ථානයක් ලංකාවේ තිබෙනවානම් පෙන්නලා දෙන්න බලන්න නුදුරේදීම මේ සියල්ල සියලු බලැති දෙවි විසින් අතුගා දමා ධර්මිශ්ඨයන් සැමදා පොලවේ ජීවත් වීමේ අයිතිය ලබාදේවි එතෙක් මේ දේශපාලනය කරන මහත්වරුන්ගේ කෙනෙහිලිකම් ඉවසමු....
නෙවිල් Friday, 05 April 2019 06:48 AM
අරලිය ගහ මැදුරේදී කියලයි, අරලිය ගහ මැදුර ඉදිිරිපිටයි කිව්වම ලොකු වෙනසක් තිබෙනවා?
rohana kumara mendis Sunday, 07 April 2019 09:23 AM
මුණු පොතේ ආදර පටලැවිල්ලක් . කසාද බැඳපු කෙනෙක්
sanjeewa Sunday, 07 April 2019 10:49 AM
මේකත් මහින්දගේ වැඩක්...