IMG-LOGO

අර්බුදය විසඳන්න එක්වන්නැයි ජනපති ඉල්ලයි

උග්තව ඇති ජාතික අර්බුදයට විසැඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභයට රාජපක්ෂ මහතා ඇරයුම් කළේය.

සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතුව ඇති බවත් ඒ සඳහා අමාත්‍යධූර බාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ඇරයුම් කරන බව ජනපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වෙයි.

ආර්ථික හා ගෝලීය කාරනා කීහිපයක් හේතුවෙන් වත්මන් තත්ත්වය හටගෙන තිබේ. ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන රටක් ලෙස ප්‍රජාතනත්‍ර්වාදී ව්‍යුහය තුළ ඊට විසඳම් සෙවිය යුතුව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශ කියයි.



අදහස් (25)

අර්බුදය විසඳන්න එක්වන්නැයි ජනපති ඉල්ලයි

ජගත් ලියනගේ Monday, 04 April 2022 11:46 AM

අනිත් අයගෙන් උදව් ඉල්ලන්නේ ඇයි දැන්? ඔයාට නේද හොඳටම කරන්න පුලුවන් . පොඩ්ඩක් ඥාන අක්ක ගාවට gගිහිල්ල උපදෙසක් ගන්නකො. ඔයාගෙ හොඳම යාළුවා නේද ?

:       0       0

Prasheen Monday, 04 April 2022 11:52 AM

හොරුන්ගෙ ඔලුගෙඩි මාරුවක් විතරයි

:       0       0

Shan Monday, 04 April 2022 11:57 AM

රටේ මිනිස්සුන්ට තමුන් එපා කියන පණිවිඩය වත් තේරුම් ගන්න බැරි කෙනෙක් මේ...!

:       1       60

පියල් Monday, 04 April 2022 12:01 PM

අර්බුදය ඔයා තමයි...

:       2       58

සකල ගුරු Monday, 04 April 2022 12:16 PM

එහෙම කලාම ඒ ආණ්ඩුවට කෙලවුනාම ඊළඟ ජනාධිපති වෙන්න කරන උපක්‍රමයක් කියලා අපිට හිතන්නේ

:       0       0

සෙනෙවිරත්න Monday, 04 April 2022 12:19 PM

දැන්ද නූපන් පරම්පරාව ගැන මතක් උනේ චන්දෙට පස්සෙ? තමන්ගෙ නෑ සනුහරේ අයයි ජාවාරම් කාරයො විතරයිනේ පහුගිය දවස්වල මතකෙ තිබුනෙ. එකින් එක වැටීගෙන එනකොට දෙවියො බුදුන් සිහිවෙනව වගේ දැන් විපක්ෂයේ ආධාර ඉල්ලනව. විස්ස සම්මත කරගෙන සියලුම බලතල අතට ගත්තෙ තමනට කරන්න හැකි නිසා නේද?

:       0       0

Lalith M Monday, 04 April 2022 12:21 PM

බොහොම පරක්කුයි.දැන් නම්බු නැතිව යන්න වෙන හැඩයි. ගොවි ජනයාගේ බඩට ගහපු එක නායකයෙක්වත් ලොවේ ඉතිරි වූයේ නෑ.ඉතිහාසය කියවන්න. උද්දච්ච කම නිවට කමට වඩා භයානක සතුරෙක්.

:       0       0

Bamunuarachchi Monday, 04 April 2022 12:29 PM

ජෙප්පෝ සජබයෝ බලාගෙන ඉන්නේ කල දුටුකල වල ඉහ ගන්න මිසක් රට ගොඩ ගන්න නොවෙයි ඝෝඨභය මහත්තයෝ.

:       0       0

Ruwan R Monday, 04 April 2022 12:37 PM

ඇයි අගමැති පුටුව, ජනාධිපති පුටුව? ඒවා වෙන්දේසි කරන්නේ නැද්ද?

:       2       46

janabala asamagi Monday, 04 April 2022 12:39 PM

වංචාව, දූෂණය පිටු දැක්කොත් අනාගතයේදීවත් ප්‍රශ්නය අවම කරගත හැක.. නමුත් භාණ්ඩාගාරය ණය තුළින් කොල්ල කනු ලැබ ඇත. ජනතාවට එය පියවීමට නොහැක...

:       0       30

chandana Monday, 04 April 2022 12:46 PM

උද්දච්ච ආණ්ඩුව හොට බිම ඇණුනාම එනවා උදව් ඉල්ලගෙන...

:       1       43

චන්දන Monday, 04 April 2022 12:57 PM

ගැටලුව මෙයා ඉවත් වීම නෙවෙයි . එතැන දෙන්නේ කාටද කියන එක. සජිත් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ .

:       0       0

සත්‍ය ගවේෂී. Monday, 04 April 2022 01:10 PM

බමුණුආරච්චි දැන් මොකද කරන්නේ...! පව් ...?

:       0       35

saman Monday, 04 April 2022 01:12 PM

දැන් ජෙප්පන්ට පුළුවන් වැඩ පෙන්නන්න.

:       15       16

Jit Monday, 04 April 2022 01:27 PM

"මේ අර්භුධය මා විසින් ඇතිකරන ලද්දක් නෙවේ." නේද මහත්තයෝ. අර දැන් හොඳටම වේයෝ කාල ගන්නම දෙයක් නැතුව පිටපලු වගේ වෙලා ඉන්න "ලී" ලියලදෙන තුන්ඩු කෑලි කියවන එක නවත්වන්නෙම නැද්ද අප්පා?

:       0       0

Bishan Monday, 04 April 2022 01:30 PM

ශ්‍රීලංකා ඉතිහාසයේ සක්කිලිම ආණ්ඩුව

:       0       0

Hafeel Monday, 04 April 2022 01:38 PM

කවුරුත් එන්නේ නැහැ... ජනතාව ගෙදර යන්නයි කියලා උද්ඝෝෂණය කරන විට. වටේ ඉන්න වියත්මගේ ටික නම් ඒවි...

:       1       15

duplicate Ralahami Monday, 04 April 2022 01:40 PM

අනේ මහත්තයෝ, තවත් ඉඳලා රට විලක් කරන්නේ නැතිව අස්වෙලා යන්න...

:       1       22

Nuwan Monday, 04 April 2022 01:48 PM

තමන් සහ පවුලේ සැම සහ තමන්ගේ ගොට්ටන් හදපු අර්බුදේ විසඳන්න මහජනතාවට එන්න කියන්නේ සිහියෙන්ද දන්නේ නැහැ... !

:       0       17

thushan Monday, 04 April 2022 01:49 PM

අයියා, මලෝ කට්ටියම හොරකම් කරපුවා දෙන්න මුලින්ම..

:       0       20

siri Monday, 04 April 2022 02:11 PM

එක්වෙන්න නෙවෙයි, පින් සිද්ද වෙයි... අනාගත පරපුර අඳුරේ නොතියා ඉවත්වෙලා යන්න...

:       1       17

Jagath Monday, 04 April 2022 02:47 PM

උද්දච්ච කමෙත් සීමාවක් තියෙන්න ඕනා...හිතන්න අමාරුයි නන්දසේන උපන්ගෙයි පටන් අරගෙන එන මෝඩකම අතාරින්න දක්ෂ වෙයි කියා.නිකං මෝඩයෙක් නොවී දැන්වත් උද්දච්චකම අතහරින්න.

:       0       0

දර්ශන පෙරේරා Monday, 04 April 2022 02:47 PM

අර්බුදය විසඳන්න ඔයායි, ඔයාගෙ පවුලෙ කට්ටියයි උන්ට කඩේයන උනුයි හොරකම් කරපු සල්ලි ගෙනැල්ල දෙන්න. එතකොට අර්බුදය විසඳෙයි.

:       0       0

Kanthi Monday, 04 April 2022 03:28 PM

නන්දසේන ඔයා තමයි එකම අරුබුදය.කරුණාකර ජනාධිපති තනතුරෙන් අයින් වෙන්න.

:       0       0

ගමේ එකාලා Monday, 04 April 2022 05:22 PM

දූෂිත පවුල් පාලනේ රටේ ඇතිකරපු විනාශය හොඳටම ඇති. සෞභාග්‍යයේ දැක්ම පෙන්වලා, ජනතාව ගොනාට අන්දලා බලයට ඇවිල්ලා... ලැජ්ජාවක් නැද්ද? උදව් ඉල්ලන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 312 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 491 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 195 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site