(ටී.කේ.ජී.කපිල)

"  දිට්ටා " සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව සොයා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භටයන් විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ ගලවා ගැනීම් සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් නිමාවට පත් කරමින් , එම භටයන්ගෙන් කොටසක් , ඒ සදහා යොදා ගත් වාහන සහ උපකරණ කීපයක් අද (14) එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අබුඩාබි නුවර වෙත ආපසු රැගෙන ගියේය .

මේ සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත 12/51 ට පැමිණ තිබුණි .

එම ගුවන් යානයට විශාල ට්‍රක් රථ 4 ක් , විදුලි ජනක යන්ත්‍ර සහ තවත් උපකරණ මෙන්ම , මෙම මෙහෙයුම් සදහා දායක වූ , ඒවායේ ක්‍රියාකරුවන් 16 දෙනෙකු ද එක්වී සිටියහ .

මේවා රැගත් එම ගුවන් යානය අද (14) දින පස්වරු 03.45 ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි නුවර බලා පිටත්ව ගියේය .