(යොහාන් භාසුර)
අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන අප්‍රේල් මස මැද සිට අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිළි සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම සහ එම බස් සහ සාමාන්‍ය බස් රථ අතර වෙනසක් නොමැති යැයි නිරීක්‍ෂණය වී ඇති බව කියන එම නිලධාරියා ජනතාවට අසාධාරණයක් වීම වැලැක්වීමට එම තීරණය ගත් බව ද එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි...
දැන්වත් බලධාරීන්ට මොලේ පෑදුණු එක ලොකු දෙයක්... බලමු මේ පාරවත් කරයිද කියලා... නැතිනම් කළින් වගේ මාධ්‍ය සංදර්ශනද දන්නේ නෑ. දේශපාලකයෝ අහිංසක මිනිස්සුන්ගේ දුක දන්නේ නැහැ.
බොරු අර්ධයක් දාගෙන මිනිස්සුන්ව හූරගෙන කාලා කාලා.. දැන් මිනිස්සුන්ට සල්ලි හිඟ නිසා මේවයේ යන්නෙ නැතුව ඇති.. . හොඳ වැඩේ..
ඉතා වැදගත් තීරනයක් තනිකරම මගීන් අපහසුතාවයට පත් කරනවා මා නිතරම දඹුල්ල සිට කඩවත ආ ගිය කෙනෙක් පැය ගානක් බස් නැතුව සිටියත් යන්නෙ නෑ මාර්ග අංක වව්නායාව. අනුරාධපුර. තිුකුනාමලය. සිට එන සමහර බස් තකිකරම චන්ඩි වගේ
මෙහෙම වැඩක් මීට කලින් අමරවීර ඇමති තුමා කලා වගේ මතකයි. කවුද ඊට පස්සේ ආපහු අනුමැතිය දීලා සෙම් බස් දිවුවෙ
ප්‍ර්රමාද වෙලා ගත්ත හොදී තිරනයක්
හොඳ තීරණයක්
හොඳයි සර්
සාමාන්‍ය පුද්ගලික බස් වල මගීන් පටවන පැටවිල්ල දැක්කාම කොට ලොරි සහ බස් අතර වෙනසක් නැහැ. උසස් නිලධාරීන්ට ඒක නිරීක්ෂණය වෙලා නැතුව ඇති. පවු. අසරණ මිනිස්සු.
අර්ධ සුඛෝපභෝගී බස් සේවාවක් මේ වන විට ලංකාවෙ නැහැනෙ. දැන් ඕක කී සැරයක් අහෝසි කළාද? මේ සැරෙත් ඔච්චර තමයි. කයිවාරු විතරයි.
අපරාදෙ. මම නම් යන්නෙම අර්ධ සුඛෝපභෝගි බස් වල තමා ඉතින්. බස් නම් "අර්ධ සුඛෝපභෝගි බස්" විතරයි. අනිත් බස් එපාවෙලා තියෙන්නෙ.
ඕක විසි තිස් පාරක් අහෝසි කළානේ. නිලධාරීන්ගේ පැත්තට සල්ලි ගලන්න පටන් ගන්න ඇති මේ අරන්චියත් එක්ක.
ගොඩක් හොඳ වැඩක්... හැබැයි කලිනුත් කියුදේ වුණේ නෑ. මේ සැරේවත් කළොත් ජනතාවට ලොකු සහනයක්...
කීප වරක්ම කිව්වා... තවමත් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.
බෝඩ් එකේ N තියෙනවනම් සාමාන්‍ය සේවා. S තියෙනවනම් අර් ධ සුකෝපභෝගී.
කීපාරක් නම් ඕක කරන්න හැදුවද? හැමදාම ඉතින් ෆේල් තමයි. මේ කියලා තියෙන්නෙත් "ලබන අප්‍රේල් මස මැද සිට අහෝසි " ඇඟ බේරගන්න පුළුවන් විදිහටනේ.
මේ අර්ධ සුඛෝපභෝගී බස් සේවය මීට කලිනුත් අහෝසි කළා නේද? දැන් මොකද්ද මේ ආයිත් කරන්න හදන්නේ...? මේකත් හරියට පළාත් පාලන මැතිවරණය වගෙයි. හැබැයි මේ තීරණය කවදාක හෝ ක්‍රියාත්මක වෙනවා නම් ඉතා හොඳයි...