දේශීය හා රටින් ගෙන්වන අර්තාපල් දෙවර්ගයේම සාමාන්‍ය වෙළෙඳපොළ මිල ගණන් කිලෝවක් රුපියල් 150ක හෝ ඊටත් අඩු මිලකට බැස තිබුණද මෙරට මඤ්ඤොක්කා කිලෝවක් රුපියල් 230 දක්වා ඉහළ ගොස් ඇත.
මෑත කාලයේදී රටපුරා ගම්දනව්වල රුපියල් 60 - 70 වැනි මිලට බහුලව තිබූ මඤ්ඤොක්කා කිලෝවක මිල මෙසේ අධික ලෙස ඉහළ නැඟ ඇත්තේ කුමක් නිසාද යන්න පාරිභෝගික ජනතාවගේ මවිතයට හේතු වී තිබේ.
දැනට ටික දිනකට පෙර රුපියල් 200කට හෝ ඊට අඩුවෙන් අලෙවි වූ මඤ්ඤොක්කා කිලෝව මේ දිනවල අඩුවෙමින් පවතින බඩුමිලට සාපෙක්ෂව අඩු නොවී තවත් ඉහළ යාම අරුම පුදුම සිද්ධියකැයි ද ජනතාව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිල අඩු වෙන්න නම් ප්‍රාවාහන වියදම් අඩු වෙන්න ඕන .ලෝක වෙළඳපලේ තෙල් මිල සහ ඩොලරය යම් ප්‍රමාණයකට අඩු වෙලා තිබෙන මේ අවස්ථාවේ මිල සූත්‍රයට අනුව තෙල් මිල අඩු කරන්න ආණ්ඩුවට පුළුවන්. නමුත් කරන්නේ නැහැ