තරිඳු ජයවර්ධන සහ දිල්රුක්ෂි ග්‍රේරු
දෙමටගොඩ පිහිටි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේදී කළහකාරී වාතාවරණයක් අතරතුර වෙඩි තැබූ බව කියන ආරක්ෂකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
අත්අඩංගුවට ගත් ආරක්ෂකයා අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියකු බව ද පොලිසිය පවසයි.
අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් සංස්ථා පරිශ්‍රයට ගිය අවස්ථාවේ පිරිසක් කළහකාරීව හැසිරී ඇති බවත්, ඒ අවස්ථාවේ රණතුංග මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරියකු වෙඩි තැබීම කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
වෙඩි තැබීමෙන් තිදෙනකු තුවාල වී ඇතැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd