IMG-LOGO

අර්ජුන ඇලෝසියස්ට සිතාසි

 

(නිමන්ති රණසිංහ)

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අද (02) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා  අර්ජුන ඇලෝසියස් මහතාට සිතාසි නිකුත් කර ඇත.

ඒ අනුව මෙලෙස සිතාසි නිකුත් වී ඇත්තේ ප්‍රින්ස් ටවර්, ඇල්ෆඩ් හවුස්, කොළඹ 03 ලිපිනැති ඒ. ජේ. ඇලෝසියස් මහතාටය.

නො.309/5, මීගමු පාර, වැලිසර ලිපිනැති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව ඇති රුපියල් 1,678,795,049/= ක මුදලක් ආදායම් බදු වශයෙන් නොගෙවා පැහැර හැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකරනු ලැබ තිබුණේ ඉකුත් 2021 වසරේදීය.



අදහස් (3)

අර්ජුන ඇලෝසියස්ට සිතාසි

ranjith Thursday, 01 September 2022 09:14 PM

මේ රටේ දුප්පතුන් සූරාකන හැටි නේද මේ කුහක ව්‍යාපාරිකයෝ...?

:       0       6

siri Friday, 02 September 2022 12:04 PM

සුරාව අලෙවි කළ ජනතාව සූරා කනවා. ජනතාව ලෙඩවෙලා රෝහල්ගත වුණාම මහජන මුදල් නැවත වැයවෙනවා. ඒ මදිවට මොවුන් බදු ගෙවන්නෙත් නෑ හරියට... මේවට උපරිම දඬුවම් දිය යුතුයි.

:       0       1

Bamunuarachchi Saturday, 03 September 2022 07:53 AM

බදු වංචා කරන්නන් බොහෝ දෙනෙක් ඉන්නවා. බිල්පත් නිකුත් නොකරන හාඩ්වෙයාර් කාරයෝ බොහොමයි. ආදායයම් බදු කාරයෝ හාඩ්වෙයාර් වලට පැන්නොත් වංචාව අල්ලගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site