(සුජිත් හේවාජුලිගේ)

බුද්ධි අංශ වාර්තා වලට අනුව අරගලයට සම්බන්ධ වී ඇත්තේ ලක්ෂ දෙකකට අඩු පිරිසක් බවත් ඒ පිරිසට බියවී එවකට ආණ්ඩුව අඩියක් පිටුපසට ගත් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ඊට බිය වූ සමහරුන් ස්වාධීන වීමට කටයුතු කළ බවත් එලෙස ස්වාධීන වීම පිටුපස ඇත්තේ බයක් නොව කුමන්ත්‍රණයක් බවත් ඔහු සඳහන් කළේය.

රජයේ  බුද්ධි අංශ ප්‍රධානියා මීට  සති කීපයකට පෙර  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අරගලය සම්බන්ධයෙන් හෙළි කිරීමක් කළ  බව කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.