
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන් පිරිසක් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ හදිසි නීතිය ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.
ජනපති මන්දිරයේ තිබූ පෞරාණික ඡායාරූපවල අත්සන් තැබූ පිරිසකගෙන් මේ රටට කුමන විමුක්තියක් දැයි ඔහු ප්‍රශ්න කළේය.
ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින මේ රටේ ජනතාව අරගලයට හදවතින්ම බද්ධ වුණු නමුත් අරගලකරුවන්ගෙන් අසීලාචාර හැසිරීමක් ඔවුන් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවුණු බවත් අරගලකරුවන්ගේ පිස්සු වැඩ නිසා ජනතාවට දැන් අරගලය එපාවී ඇති බවත් රණතුංග මහතා කීවේය.
අරගලකරුවන් මේ රටේ හමුදාවට සහ පොලිසියට සැලකුවේ පහත් විදියට බව පැවසූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අරගලය මැද ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීමට ගත් උත්සහය සම්බන්ධයෙන් යුද හමුදාවට සහ පොලිසියට ස්තුතිය පුද කරන බවද ප්‍රකාශ කළේය.
ඒ වෙනුවෙන් ඔවුන්ට වෙනම උපහාර පිදීමක් කළ යුතු බවද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
අරගල කරුවන්ගේ ප්‍රචණ්ඩත්වය කෙසේ හෝ පාලනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම්කරුවෙක් කථා කරයි..
පිස්සන් හා කුඩු කාරයන් කප්පම් කාරයින්ට වඩා හොඳයි.
දැන් දෙයියන්ගේ රටේ කට වරද්දා ගන්න එපා.
එතැන කප්පම් අරන් උසාවියෙන් වරදකාරයෝ වුණු අය ඉන්නවද දන්නේ නෑ.
ඔයා හරි නම් අල්ලස් ගත් බවට ඔප්පු වුණේ හිරේ ඉන්න ඕනෑ මිනිහෙක්...
පිස්සන්, කුඩුකාරයින් දුන්නු ඡන්දවලින් නෙමෙයිද ඔහේ ඔතැනට ආවේ..? මුලත් අමතක වෙලා... එක තැනක පිස්සොයි, කුඩුකාරයොයි රටේ ජාතික ධනයට අතතියන්නේ නැහැනේ... කප්පම්කාරයෝ, කොමිස්කාරයෝ, මංකොල්ලකාරයෝ, හොරු සහ මිනීමරුවන් පාලනය කරන රටක ජනතාව පිස්සන් නොවී හිටියා නම් තමයි පුදුමේ...!
නිකං විකාර කතා කියන්නට එපා. පොහොට්ටුවට ඡන්දය දුන් අය තමයි වැඩියෙන්ම පාරට බැස්සේ... ඉන්ධන, ගෑස් නැති තැන, බඩු මුට්ටු ගිනි ගණන් වනවිට, මිනිසුන්ට බඩගින්න හා පීඩනය වැඩිවෙන විට පාරට නොබැස වෙන මොනවා කරන්නද? මුලදී අරගලය සාමකාමී හා නිර්පාක්ෂික පොදු දෙයක්ව තමයි තිබුණේ. ඔබලාගේ කට්ටිය අරලිය ගහ මන්දිරයේ සිට සංවිධානය කළ ඒ අනීතික ප්‍රහාරය නිසා ජනතාව සැහැසි වුණා. ඒත් එක්කම එයට හොරුන් පාතාලයින් වැනි අය එකතු වුණා. මේ සිදුවූ සෑම සියලු දේ සඳහා වගකිවයුතු වන්නේ පොහොට්ටුවේ නායකයන් ඇතුළු මැති ඇමැතිවරුන්. ඒත්, දැන් ඒවා වහන්න වෙනත් විකාර කියවනවා...
ඔබලා වගේ අය පාර්ලිමේන්තු ගෙනාපු අයට ගහන්න ඕනෑ.
ගම්පහ අධිකරණය ඉස්සරහදී වෙඩි තියලා 4 දෙනෙක් රෝහලේ කියලා දාලා තියෙනවා. අරගලයේ ඉන්න කුඩ්ඩොයි, පිස්සොයි ගැන හොය හොයා ඉන්න ඔයාලා...
කප්පම් කාරයෙක් කොහොමද අරගල කරුවන්ට අභියෝග කරන්නේ? අරගල කරුවන් අතර කප්පම් කරුවන් නැහැ. මේ කප්පම් කාරයාට දීපු දඬුවම් ප්‍රමාණවත්ද? සාමාන්‍යයෙන් කප්පම් කාරයකුට මේ රටේ මෙහෙමද දඬුවම් දීලා තියෙන්නේ?
මෙතුමාගේ හොඳනරක නම් දන්නේ නෑ. නමුත් දැන් අරගලය කියන්නේ ඒක කරන අයගේ රැකියාව...!
පාර්ලිමේන්තුවේ ඉන්නේ හරක් හොරු, කුඩු කාරයින්, මිනීමරුවන්, වංචාකාරයින් සහ කප්පම්කාරයින්...!
පිස්සන්, කුඩුකාරයින් විතරක් නෙමෙයි, මංකොල්ලකරුවන්, හොරුන්, මිනීමරුවන් ගෙවල් ගිනිතියන අපරාධකරුවන්... මන්ත්‍රීවරයෙක් පාරේ මැරුවේ.... මහලොකු සාමකාමී අරගලේ. බම්බුව තමයි..
පාර්ලිමේන්තුවේ ඉන්නේ මුදලට විකිණෙන අය...!
ඔය පාර්ලිමේන්තුවේම කුඩුකාරයින් ඉන්නවා. කුඩු ජාවාරම් කාරයන්ගේ පිහිටෙන් ඡන්ද කෙරුවේ කවුද? ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත්, රටම හොරාකාලා කාබාසීනියා කෙරුවේ දූෂිත දේශපාලුවන්.. තමුන්ගේ පවුලේ ඔක්කොම දේශපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු උදවිය කියලා රටම දන්නවා...
මෙයාව අල්ලගන්න කවුරුවත් කෙනෙක් නැද්ද?
තමුන් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දූෂිත දේශපාලුවෙක්... කප්පම් කාරයෙක් කියලා දන්නෝ දනිති. නිකම් සුද්දවන්තයෙක් වෙන්න එපා. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලුවන් කරපු මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නිසා රටට වෙලා තියෙන විනාසේ ලෝකෙම දන්නවා...