
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අයිස් මත්ද්‍රව‍්‍ය සමඟ අත්අඩංගුවට ගත් හිටපු හමුදා සෙබළාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ටී පනස් හයේ ජීව උණ්ඩ සහ මැගසිනියක් සොයා ගැනීමට හැකිවූ බව මාලිගාවත්ත පොලිසිය කියයි.
ටි 56 ගිනි අවි වලට භාවිතා කරන ජීව උණ්ඩ 42 ක් හා මැගසිනයක් මෙන්ම අයිස් මත්ද්‍රව‍්‍ය පොලිස් භාරයට ගෙන ඇත. සොරකම් රැසකට සම්බන්ධ සැකකරු මාලිගාවත්ත මැල්වත්ත පාලමඅසලදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තිබී හමුවීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු පදිංචි නිට්ටඹුව කත්තොට නිවසේ සඟවා තිබූ මැගසිනය සහ ජීව උණ්ඩ තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd