පාර්ලිමේන්තුවේදි අද (05) පැවැති අය වැය ඉදිරිපත් කිරීමේ කතාවෙන් අනතුරුව රැස්වූ මැති ඇමැතිවරු ප්‍රමුඛ පිරිස තේ පානය කරමින් ඉතා සුහදශිලීව කතාබහක නිරත වුහ.
අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
පාර්ලිමේන්තුව යළි හෙට (05) උදෑසන රැස්වීමට නියමිතය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා දුන්නත් හොඳක් නොදකින අය තමා ඔතන වැඩියෙන් හිනාවෙන්නේ. මොකද නාලිකාවලින් දැනටමත් අය වැය හම ගහල ඉවරයි. මහජනතාවගේ සිත් සතන් හැඩ ගැහෙන්නේ ඒ නාලිකා වල ප්‍රචාරණ කෙරෙන කතා වලට අනුවයි. පාර්ලිමේන්තුවේ කියන දේවල් හරි රටේ කරන දේවල් හරි ආණ්ඩුව කෙරෙහි මහා ජනතාවගේ සිත ආකර්ෂණය කර ගන්නා වැඩේට උදව්වක් වෙන්නේ නැහැ. ජනමාධ්‍ය කරුවන්ගේ උදව් නැතුව මොනම දෙයක් වත් ජනතාව අතරට ගෙන යන එක කරන්න පුළුවන් දෙයක් නෙවේ. ආණ්ඩුවේ මාධ්‍ය ආයතනත් තවමත් දුවන්නේ පරණ තෙල් වලින් බවයි පෙනෙන්නේ.
පලවෙනි පින්තුරයෙන් දැක්වෙන්නේ අද රටේ ආහාර හිඟයක් නැති බවයි.
මිනිස්සු මේවා බලලා යමක් ඉගෙන ගන්න ඕන.ලංකාදීපයට තුති.
මේ අය පාර්ලිමේන්තු එන්නේ මොන හේතුවකටද කියල ඇඟවල් දිහා බැලුවම කියන්න පුළුවන්
මේ ඡායාරූප ටික දුටුවම මටනම් හිතෙන්නේ අර දින 52 හිටියෙත් මෙගොල්ලමද කියල අසභ්‍ය වචන අපහාස කරපුව අපිටනම් තවමත් මතකයි දියවන්නාවේ 225 ලජ්ජා නැති ලෙස හැසිරෙනවා
පලවෙනි පින්තූරයෙන් කියන්නේ පරණ සටන් පාඨය "බඩ පෙරට" කියල
මට නම් පෙනෙන්නේ හැමෝම ප්‍රීතියෙන් ඉන්න නිසා හැමෝටම සරුයි වගේ, අපිට කෙසේ වෙතත්.
වජිර කතානායකගේ සෙන්කොලේට අත තියන්නයි හදන්නේ.
දවල් මිගල් රෑ දැනියෙල්
මේ ඉදිරිපත් කරපු අය-වැය නම් ජනතාවට හරිම හිතවත් අය-වැයක් .. පොහොට්ටුවේ ගමරලාලගේ අන්තිම අමුඩ ටිකත් ගැලවිලා ගිහින් ..
කතානායකගේ සෙංකෝලේට අවසර නොමැතිව අත තැබීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලයි මම අසා තිබෙන්නේ.