(යොහාන් භාසුර)

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සකස් කරන ලද දුම්වැටි සඳහා වන මිල සූත්‍රයට අනුව එළඹෙන අයවැයෙන් පසු දුම් වැටියක මිල අනිවාර්යයෙන්ම ඉහළ යන  බව එහි සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවා.

ඉතිහාසයේ ප්‍රථම වරට දුම්වැටි මිලදී ගැනීම අධෛර්යමත් කිරීම සඳහා මෙලෙස මිල සූත්‍රයක් සකස් කර තිබෙන අතර එය සෞඛ්‍ය අමාත්‍යවරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙන බවයි සභාපතිවරයා පැවසීය.