(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන ලබන  12 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ  විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8 )දැනුම් දුන්නේය.

මේ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන රථගාල එදින වසා දැමෙන බවද  හෙතෙම සඳහන් කළේය.

මහජන ගැලරිය  රාජතාන්ත්‍රිකයන්ට පමණක්  වෙන් කෙරෙන බව පැවසූ කතානායකවරයා  මන්ත්‍රීවරුන්ගේ වාහන අදාල  රථගාල් වෙත යොමු කිරීමට පියවර  ගැනෙන බවද  පැවසුවේය.

එසේම මන්ත්‍රීවරුන් එදින  සිය රියදුරන් සමග පැමිණීම වැදගත් බවත්  රථවාහන හැසිරවීම සඳහා  රථවාහන අංශ පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවන බවත්  ඔහු ප්‍රකාශ කළේ‍ය.