
(සුජිත් හේවාජුලිගේ)
2026 අයවැය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.
වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටළු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට තිරසාර සහ ශක්තිමත් වැඩපිලිවෙළක් අැති කිරීම සදහා මෙම යෝජනාවලිය ඉදිරිපත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ ප්‍රමාණවත් වැටුප් නොලැබීම, අහිතකර වෘත්තිය පරිසරය, අධික බදු බර හේතුවෙන් 2,000කට අධික වෛද්‍යවරුන් පිරිසක් මෙරටට අහිමි වී ඇති බවත් තවත් 5,000කට අධික පිරිසක් රට හැර යාමට සූදානම් වෙමින් සිටි්න බවත් පෙන්වා දෙයි.
තවද ඖෂධ සහ උපකරණ හිඟය, රෝගී සත්කාර සේවා ලබා දීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම, රෝගීන්ට අවශ්‍ය පහසුකම් නොමැතිවීම සහ රෝහල් පද්ධතිය තුළ අනාරක්ෂිත බව වැනි ගැටලු හේතුවෙන් සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීම දැඩි අභියෝගක් බවත් මෙම ප්රවණතා අඛණ්ඩව පැවතුණහොත් මෙරට රෝහල් පද්ධතිය බිඳ වැටීම වළක්වා ගත නොහැකි බවත් එම සංගමය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන හැටියට මේ රටේ තිබෙන එකම දුක් විඳින සහ පඩි අඩු වෘත්තිය වෛද්‍ය වෘත්තියයි. අනෙක් අය දුක් විඳින්නේ නැහැ. හැබැයි අධ්‍යාපනය ගැන බැලුවාම, රජය (ජනතාව) වැඩිම වියදමක් දරන්නෙත් වෛද්‍ය වරයෙක් තනන්නයි. ඉතින් රට හැර යනවා කියලා කේවල් කරන එක ගැන නැවත සිතීම වැදගත් නේද?
දොස්තරල හොරට ගන්න ED එක ප්‍රමිතිගත කිරීමට ඇඟිලි සළකුණු තැබීම, දොස්තරලා කරන සැත්කම්වල සාර්ථක ප්‍රතිශතය ( Success rate) එක බලා ගන්න online system එකක් ගේන්න. පොඩි ළමයෙක්ගේ වකුගඩු විකුණලා රට පැන්න අය වගේ අයට කරන්න ඕනෑත ඒවා එහෙම ඉදිරිපත් කරලා නෑ නේද? අය වැයට විතරයි... මෙයාලා යෝජනා දෙන්නේ වැටුප් මදි එක විතරයි දාලා තියෙන්නේ...
රට යන්න අවශ්‍ය නම් උසස් පෙළ සහ විශ්ව විද්‍යාල නිදහස් අධ්‍යාපනය ලබාගන්න එපා. පුද්ගලිකව කොහෙන් හරි ඉගෙනගෙන ඕනෑ දෙයක් කරගන්න.
මේ අය කවදාවත් රෝගීන් ගැන කතා කරන්නේ නෑ. රෝග නිවාරණය, වළක්වා ගැනීම ගැන බුද්ධිමත් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ආණ්ඩුවක් පොළඹ වන්නේ නෑ. දැන් දැන් සියල්ලම කරන්නේ Duty Free වාහන ගන්න සහ බදු නැතිකර ගන්න. මේ ගොල්ලන්ට ඕනැ දවසකට කෝටියක් හම්බකළත් සතයක්වත් බදු ගෙවන්නේ නැතිව ඉන්න පුළුවන් වෙනම නීතී හදාගන්න. ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපයට තියලා....
අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලාම ජනතාවට දැනගන්නත් එක්ක, එක එක ශ්‍රේණියේ වෛද්‍යවරු ගන්න වැටුප්, දීමනා, අතිකාල ප්‍රසිද්ද කරමු. ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු වෛද්‍යවරයෙක් තනන්ඩ රජය වියදම් කරන ගාන එහෙමත්. එහෙම කරාම ජනතාවටම තේරුම් ගන්ඩ පුළුවන් පිට රටවල සේවය කරන්න වෛද්‍යවරු තමුන්ගේ බදු සල්ලි වලින් තනනවාද? නැතිනම් පාරම්පරික, සිංහල වෙදකම් වගේ ලංකාවට අවේනික වෙදකම් වලට කැමැත්තෙන් යොමු වෙලා, ලංකාවේ රැඳී ඉන්න වෛද්‍යවරු තනන්ඩ ඒ මුදල් වැය කරනවද කියලා...
මොවුන්ගේ ඉතින් හැමදාම අඩනවා තමයි. ලක්ෂ ගණන් පඩි ගන්නවා. බොහෝමයක් හරියට රාජකාරිය කරන්නේ නැතිව බෙහෙත් කඩවල වැඩ. රජයේ හැම ආයතනයකම ඇගිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය කළ යුතුයි.
පර්මිට් එක ඉල්ලීමක් නොවේද?