(නිමල කොඩිතුවක්කු)
මෙවර අයවැය මගින් වෛද්‍යවරුන් නොසලකා හරිමින් ඔවුන්ගේ පහසුකම් කප්පාදු කර ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි.
ආදායම් බදු හේතුවෙන් විශාල පීඩාවකට පත්ව සිටින වෛද්‍යවරුන්ට මෙවර අයවැයෙන් හෝ සහනයක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයිද එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.
වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් සහ දීමනා ලබාදීමට රජය වහාම කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
වෛද්‍යවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍රය හෝ දේශපාලන අධිකාරියට ලබාදෙන ආකාරයට ප්‍රවාහන පහසුකම් සැලසිය යුතු බවත් හෙතෙම කීවේය.
වෛද්‍යවරුන් සඳහා ප්‍රමාණවත් නිල නිවාස ඇතුළු නේවාසික පහසුකම් නොමැති බවත් මේ සම්බන්ධයෙන් රජය කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලට කියල විශේෂ බද්දක් ගහල නැහැ. අපි ගෙවන බද්දම තමා ඒගොල්ලත් ගෙවන්නේ , ආදායම් තිබෙනවා නම් බදු ගෙවන්න,
මේ අවස්ථාවේ දී තීරු බදු රහිත වාහන ලබාදීම කෙසේ වුවත් අනෙකුත් ඉල්ලීම් ගැන සලකා බැලිය යුතුයි. නිල නිවාස, ප්‍රවාහන දීමනා නොලැබීම නිසා රාජකාරි කිරීමේ දී ඇතැම් වෛද්‍ය වරු සේවය කිරීමේ දී විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. මේවා ආර්ථික වැටීම, කොරෝනා උවදුර වැනි හේතුන් නිසා නොසලකා හැරීමෙන් දිගින් දිගට වැඩිවී දැන් උත්සන්න වී ඇති බව කිව හැකියි.
උසස්පෙල සමත්වෙලා වෙද විදුහල්වල ඇතුලත්වෙන අයගෙන් 99% ක් පමන දෙනා ඉන්නෙ හරිම උද්ධච්ඡ කමෙන් තමයි උසස්පෙල කරන්න බස්වල හිටගෙන ගියපු සමහරෙකුට අධිවේගියේ බසයෙන් බැස්සම වෙන බස්වල යන්න බැහැ ගෙදරින් කාර් එකක් යවන්න ඕන ගෙදර ආවම දොලදුක් කෙනෙකුට වගේ කෑම හදන්නයි රෙදි හෝදන්නයි අම්මලට බර වැඩ පටවනවා ඒත් සමහර කෙනෙක් අසල්වැසියගේ වැඩටත් උදව්වෙලා දෙමාපියනුත් සමග වත්තෙපිටියෙ ගෙදරදොර වැඩ කරනවා කියන්න තියෙන්නෙ මේ සංගමයේ අයටම ආණ්ඩුව දුන්නත් ඔවුන්ගේ ප්‍රශ්නපත්‍ර නම් කිසිමදාක අවසන් වෙන්නෙම නැහැ කියලා තමයි
රෝහල්වල විශේෂඥ වෛද්යවපු නෑ.සැත්කම් පෝලිම්වල අවුරුදු දෙකකට වඩා ඉන්න ඕන. බහුතරය ඒ අතරතුර මියයනවා. වෛද්‍ය හෙද වෘත්තින් සැමවිටම රෝගීන්ට සම්බන්ධ වනවා වගේම ජීවිත අවදානම සහිතයි.ඔවුන්ට ප්‍රවාහන සහ අනතුරුදායක වෘත්තීන්ට අදාල දීමනා සහ අවශ්‍ය ස්ථානවලදී නිලනිවාස ලැබෙන තත්ත්වය අත්‍යාවශ්‍ය බව පිලිගන්න ඕන. අනික වෛද්‍ය වෘත්තියට එරෙහිව ලියන අය අසනීප නොවන අය හෝ කිසිම දිනක රාජ්‍ය රෝහල් ගත වී නොමැති අය වගේ ලියන අය. සෑම වෛද්‍ය වරයකුම පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන අය නොවේ.
මහජනතාවගේ බදු මුදලින් නිදහස් අධ්‍යාපනයක් ලබලා රැ 12 පහුවෙනකම්ම මහජනතාවගෙන්ම අසාධාරණ ලෙස හම්බකරන් කන මුදල මදිද දෙවියනේ