
(අංජුල මහික වීරරත්න)
අයවැය යෝජනා වලින් හෙද සේවාවට බරපතල අසාධාරණයක් වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගෙන් සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනය මෙසේද පවසයි.
2025 අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 දින ප්‍රකාශයට පත් කළ අතර හෙද සේවයට එහිදී බරපතල අසාධාරණයක් සිදු වී ඇත.
මේ වන තෙක් හෙද සේවාවට ගෙවනු ලැබූ අතිකාල අනුපාතිකය එනම් පැයට ගෙවන මුදල මාසික වැටුපෙන් 1/160 ට 1/200 දක්වා පහළ දමා ඇත.
හෙද හිඟය හේතුවෙන් හෙද නිලධාරීන් 3 දෙනකු විසින් කළ යුතු කාර්යයන් එක් හෙද නිළධාරියකු විසින් සිදු කරන තත්ත්වයක් තුළ පැය 24 ක අඛණ්ඩ සේවාවන් සපයන හෙද සේවාවේ අතිකාල ගෙවීම අනුපාතය පහළ දැමීම නිසා ආරම්භක ශ්‍රේණියේ හෙද නිළධාරියෙකු හට මසකට රු. 6500 ක් පමණ අහිමි වේ. ශ්‍රේණීන් වල ඉහළට යාමේදී මෙම කප්පාදුව තවත් වැඩි වන අතර විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරියකුගේ (Matron) අහිමි වන මුදල රු. 11,500ක් පමණ වේ.
එසේම රජයේ නිවාඩු දිනයක වැඩ කිරීම වෙනුවෙන් ගෙවන මුදල මාසික වැටුපෙන් 1/20 සිට 1/30 දක්වා අඩුකර ඇත.
හෙද සේවාව යනු පැය 24 ම රාජකාරිය සිදු කරමින් අවුරුද්ද පුරාම අඛණ්ඩ සේවයක් සැපයිය යුතු සේවාවක් වේ. අනෙකුත් රාජ්‍ය සේවකයන් බහුතරයක් නිවාඩු ලබාගන්නා රජයේ නිවාඩු දින, ඉරිදා දිනයන් හිදීද හෙද නිළධාරීන් සේවාවේ නිරත වේ. ඒ වෙනුවෙන් හෙද නිලධාරීන්ට මේ වන විට මූලික වැටුපෙන් 1/20 ක් ගෙවනු ලබන අතර පසුගිය දා ඉදිරිපත් කළ අයවැයෙන් එය 1/30 දක්වා අඩුකර ඇත.එම කප්පාදුව තුළ රජයේ නිවාඩු දිනවල හා ඉරිදා දින වල සේවය කරන හෙද නිලධාරියෙකුට අහිමි වන මුදල රු. 6000 ක් පමණ වේ.
තවද මෙවර අයවැයෙන් හෙද නිලධාරීන් සඳහා අසාධාරණ උපස්විම් ක්‍රම වේදයක් හඳුන්වා දී ඇත.
මේ වන විට පළමු උපස්විම් වසර 05 න් ක්‍රියාත්මක වන අතර එය අයවැය යෝජනා තුළින් වසර 10 දක්වා දීර්ඝ ඇත. දෙවන උසස්වීම වසර 7 න් ලබාදුන් අතර එය වසර 11 දක්වා දීර්ඝ කර ඇත. එසේම මුල් පත්වීමේ සිට වසර 22 න් ලබාදුන් අධිශ්‍රේණිය වසර 31 දක්වා දීර්ඝ කර ඇත.
ඉහත සියළු කාරණා නිසා මෙම අයවැය යෝජනා 2025/04/01 ක්‍රියාත්මක වීම ආරම්භ කිරීමෙන් පසු අතිකාල / නිවාඩු දින දිමනා අසාධාරණය හේතුවෙන් එක් හෙද නිළධාරියෙකු හට ශ්‍රේණිවලට අදාළව රු. 12,500 සිට රු. 20,000 දක්වා මුදල්මය අවාසියක් වාර්ෂිකව සිදුවේ.
එබැවින් මෙම කරුණු පිළිබඳ හෙද සේවාවේ බලවත් අවධානය යොමුව ඇති අතර එම යෝජනා ඉදිරි අයවැය කියවීම් වලදී සංශෝධනය කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙයි.
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයවැය හෙද සේවයට කුඩම්මාගේ සැලකිලි දක්වලා
Kamal Koyrala Thursday, 20 February 2025 11:45 AM
ආරක්ෂක, ප්‍රවාහන, සෞඛ්‍යය 24 පැය සේවාවන් වේ. වැටුපට අමතරව ලැබෙන දීමනාත් සඳහන් කරන්න මාසිකව ලැබෙන පූර්ණ වැටුප...
Hacc Hettiarachchi Thursday, 20 February 2025 01:55 PM
විශ්වාසය කඩකළා. සිනහ බොඳකළා. හරිම දුකයි.
Samitha Thursday, 20 February 2025 02:15 PM
ඉස්සෙල්ලා ලෙඩ්ඩුන්ට කරුණාවෙන් සලකන්න ඉගෙන ගන්න. අපි නොදන්න නර්ස්ලා.