(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් අයවැයෙන් ඉටු නොකළොත් සියලු වෘත්තීය සමිති එකතු කරගෙන අරගල මාවතට පිවිසෙන බව රාජ්‍ය සේවා සමගි වෘත්තිය සමිති සම්මේලනයේ  සභාපති මැද කොළඹ සජබ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

දකුණු ඉන්දීය ද්‍රවිඩ චිත්‍රපටි වල දාන සෙල්ලම් දමමින් ජනතාව අන්දන්නේ නැතිව අමාරුවෙන් හුස්ම අල්ලාගෙන සිටින ජනතාවට අයවැයෙන්වත් සහනයක් ලබා දෙන්නැයි ද මුජුබුර් රහුමාන් මහතා කීය.

ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදියට රටේ ජනතාව හූරා ගෙන කන්න පුළුවන් පරිසරයක් ආණ්ඩුව විසින්ම නිර්මාණය කර ඇතැයි ද ඒ නිසා සමස්ත සමාජයම දැඩි පීඩනයකට ගොදුරු වී ඇතැයිද රහුමාන් මහතා සඳහන් කළේය.