(නිමන්ති රණසිංහ )
සමස්ථ අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා සමස්ථ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
අප රටේ රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ස`දහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් රජයට අවශ්‍ය බවත්, එක් මසක් අප මේ වැටුප නොගෙන එම මුදල වැන්දඹු අනත්දරු ගෙවීම් සදහා යෙදවන ලෙස උපදෙස් දුනහොත් මැයි මාසයේ වියදම අඩුවී ආදායම වැඞීවීමෙන් අයවැය හිඟය අඩුකර ගත හැකි බවද ජනාධිපති ලේකම්වරයා සදහන් කරයි.
සියලූම් අමාත්‍යාංශලේකම්වරුන්, පළාත් සභා ලෙක්ම්වරුන් හා පළාත් ලේකම්වරුන් මෙන්ම දිස්ති‍්‍රක් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලූ සියලූ රාජ්‍ය නිලධාරීන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා එසේ සිය ඉල්ලීම සිදුකර තිබේ.
කොවිඞ් 19 වසංගත ත්ත්තවය හේතුවෙන් අප මුහුණ දී සිටින්නේ 1930 දී ඇතිවූ ලෝක ආර්ථික අවපාතයටත් වඩා දරුණු ලෝක ආර්ථික අර්බුදයකට බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බවා ප‍්‍රකාශ කරන බවත්, විවිධ රටවලින් ණය ආධාර සහ සහන ලබා ගැනීමට මෙන්ම අප විසින් ද අපගේ දේශීය ශක්තිය විදහාපෑම අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා සදහන් කර ඇත.
ආර්ථික වශයෙන් වරස ගණනාවක්ම පැවැති ජාත්‍යන්තර වෙළ`දාම, අපනයන සංචාරක ක්ෂේත‍්‍ර ඇනහිට තිබෙන අතර විදේශ අදාායම් මෙන්ම රයේ ආදායම් මාර්ග ද අවහිර වී ඇති බවත්, මෙය මාස කිහිපයක තාවකාලික පීඩනයක් වුවත් එම කාලය තුළ ණය ගෙවීම අප සිදුකළ යුතු බවත් ජනාධිපති ලේකම්වරයා පවසයි.
දේශීය ණය කෙසේ හෝ කළමණාකරණය කළ හැකි වුවද විදේශ ණය ස`දහා රජයේ සීමිත ලැබීම් මගින් විදේශ මුදලින් ගත් ණය ආපසු ගෙවිය යුතු බවත්, රටේ අනෙකුත් කටයුතු ද ඉටු කළ යුත්තේ එම පීඩනය ද කළමණාකරණය කරමින් බවත් එය කළ හැකි බවත් ජනාධිපති ලේකම්වරයා ස`දහන් කර ඇත.
සියලූ දෙනාටම මාසික වැටුප ලබාදීම අපහසු විය හැකි බවත්, මාසයක වැටුපෙන් අඩක්, සතියක වැටුපක් හෝ දිනක වැටුප වශයෙන් මෙම දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ජනාධිපති ලේකම් පි. බී. ජයසුන්දර මහතා වැඩිදුරටත් සිය ලිපිය මගින් ඉල්ලා ඇත.
COMMENTS
දැන් ඔහොම සල්ලි ඉල්ලුවට තව සති දෙක තුනකින් බලන්න පුළුවන් තාප්ප පුරා දුගීකම නැති කරන්න නැගිටින ජාතික වීරයන්. අපි ඉන්නේ කොතනද කියලා දැන් තේරෙනවද? තමාගේ දරුවාගේ අනාගතේ උගස් තියලා තමන් කැමති පක්ෂේ දිනවන්න ඔට්ටු අල්ලපුවගේ විපාක තමයි මේ. හැමපක්ෂේම දිනුම් අපි පරාදයි...
පීඩනේ අඩු වෙන්න කරන්න පුලුවන් එකම දේ එච්චරද? දියවන්නාවේ පට්ටියයි, ගෝලයො රොත්තටයි සැප දෙන්න වියදම් කරන අසීමිත ධනයෙන් ඕකකරලා ආදර්ශයක් දෙන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. අත්‍යාවශ්‍ය නැති මැතිවරණයට වියදම් කරන්න තියෙන මුදල් ගැනත් හිතන්න පුලුවන්..
අගමැතිතුමා හා ජනාධිපති තුමා විශ්වාස නිසා, කාලයක් යන තුරු වැටුප දෙමු. පුද්ගලික අංශයත් එක්වෙමු. වරදින්නේ නැහැ. දියුණුවට පත් වේවි. අපිට ප්‍රතිලාභ පසුව වැඩි වැඩියෙන් ලබාදේවි.
මහත්තයෝ. හිඟන්නගේ පාත්තරේට ගහන් නැතිව දේශපාලකයන් ගොඩගහගත්ත සල්ලි ටිකක් ඉල්ලන්නකෝ... කොන්ද කෙලින් තියාගෙන...?
ඇයි මේ සැරේ කියල කපාගන්න යන්නේ? ගිය මාසේ නොකියම රජයේ සේවකයන්ගෙන් 3000 කපා ගත්තේ. මගේ පඩිය 32000යි. හැබැය් loan එකට කැපිලා අතට ඵන්නේ 14000. ඒකෙන් කැපුවොත් කන්න නෑ. අපිට ඔය මහත්තයට වගේ ලක්ෂ 2/3 පඩි නෑ. ඔය 225නුයි , හැන්දෙන් තමන්ට ඇති පදමට ඛෙදාගන්න SLAS නිලධාරීන්ටයි කියන්න.
රාජ්‍ය සේවකයන්ගෙ තැපැල් චන්ද වලින් 90% ක් දීල තිබුනේ ගෝඨාභය ජනාදිපති කරන්න. ඒක හින්ද ආණ්ඩුව කරගෙන යන්න එයාලගෙ මාසයක වැටුප නෙමේ මාස දෙක තුනක වැටුප උනත් කපා ගත්තට එයාල අකමැති වෙන්න හේතුවක් නැහැ. දැන් සැපද... කියල අහන්න විතරයි තියෙන්නේ...?
ආණ්ඩුවේ ආර්ථික ඝාතකයෙක් ඉන්නව කියල විමල් වීරවංස කිව්වා...
රාජ්‍ය සේවකයින් වැටුප පරිත්‍යාග කරන්න තරම් ලොකු තැන්පත් ධනයක් තිබෙන අයවලුන් කියල හිතාගෙන මේ ඉල්ලීම කරනවා නම් ඉතින් තමන් ගැන හිතල අනිත් අය ගැන තීරණ ගන්න හොඳ නැහැ කියන්න තමා වෙන්නේ. අනික එහෙම කලත් ඉතින් රාජ්‍ය සේවාවන්ගෙන් කාරියක් කරගන්න යන අයට සියලු ආගම්වල සරණයි එහෙනම්...
ඉතාම වටිනා ඉල්ලීමක්...
කැබිනට් එකෙන් පටන් ගමුද?
හමුදාව හැර රජයේ අනික් අය වැඩ කරන අය නෙවේ... ඒ හන්ද පඩි දෙන්න එපා.
අම්මෝ !!! මොනවද මන්දා මේ වේගන එන්නේ. හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටෙනවා වගේ වැඩක්නේ වෙන්නට යන්නේ.
මා සිතන්නේ මෙය හොඳ ප්‍රවනතාවක් කියායි. නමුත්, සැමට ආදර්ශයක් ලෙස මුලින්ම රජයේ මැති ඇමතිවරුන් තම වැටුපෙන් කොටසක් පරිත්‍යාග කිරීම වඩා යෝග්‍යය යයි සිතමි.
දැන් එතකොට අර අයියට බාරදුන්න පිටරටවල් වලින් ලැබුන කෝටි ගණනක ආධාර මුදල් වලට යන කල දසාව අර සුනාමි ආධාර වලට වෙච්ච එකමද?
යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් කෝටි ගානක් වැයකර ගත් වාහන පාවිච්චි කරපු අයගෙන් සල්ලි ඉල්ලන්න.
රජය රාජ්‍ය සේවකයනි, චන්දෙන් බහුතරයෙන් පත්කර ගත්තේ මේකටනේ.... දැන් ඉතින් වසර 5ක් විදවපල්ලා.පඩියත් පුජා කරපල්ලා. හිටපු එවුන් උබලට හොද මදි උනානේ. 10000ක් වැඩි කල එක ගණන් ගත්තේ නැහැනේ. කුම්බලාවෝ කාපු බළලාට වුන වැඩේ...
ගොඩක් සුළු දෙයක්, අපි ඔක්කොම මේ වෙලාවේ ආණ්ඩුවට උදව් කරන්න ඕනේ . වැඩිහරියක් රජය සේවයේ ඉන්නේ නිකම්මු. මාසෙක පඩිය නම් වැඩි, මාස බාගේ කමක් නැහැ.
ඔබතුමා සහ රජයේ මැති ඇමතිවරු සියලු පඩි සහ දීමනා ආපසු රජයට ගෙවලා පෙන්නුවොත් අපිට ඒගැන හිතන්න පුළුවන්...
බිලියන 200 ක් අච්චු ගහව්වලු.. කෝ ඒ සල්ලි?
දිනක වැටුප නම් කමක් නැහැ. ඊට වැඩිය දීල ඒ මිනිස්සු කොහොමද දරු පවුල? දෙමාපියන් නඩත්තු කරන්නේ? වෙනත් ආදායම් මාර්ග තිබෙන අයට නම් වැටුපම දෙන්න පුළුවන්. රජයෙන් පැන්ෂන් දෙකක් හෝ පැන්ෂන් එකක් සහ නැවත වැටුප් ගන්න අයගේ එකක් කපා හරින්න. මහාබැංකුවට බැර නොකර සමහර මණ්ඩල වල වෙනම ගිණුම්වල තැන්පත් මුදල් මහබැංකුව යටතට ගන්න. අඩුම ගානේ ලොකු ලොකු පින්කැට තියනව නම් ඒවත් ගන්න පුළුවන්. ජනතාවට කන්න දීම ලොකු කුසල කර්මයක් නිසා....
මරු යෝජනාව, ඕක කරන්න රටකට නායකයෙක් ඕනැද? මේ රට පාලනය කරපු පවුල් කිහිපයක් පහුගිය දශකයේ රජයෙන් හොරා කාපු සල්ලි තිබුනනං ඔය රු. බිලියන 100 ට බිලියන 10000 ක් මහා භාණ්ඩාගාරයේ තවමත් නිරුපද්‍රිතව තියනවා. ඒ නිසා පිස්සු කථා කියන්න එපා.
පිටරට ඉන්නේ. එත් ඔය ශ්‍රේෂ්ඨාධිකරණය දමා තිබෙන පෙත්සම් ඉල්ලා අස්කර ගන්න. නැත්නම් පෙත්සම් කාරයින්ගේ චන්ද ප්‍රමාණය තවත් අඩුවේවි. ඉල්ලා අස්කර ගත්තොත් මමත් කැමැත්තෙන් ඉන්නේ.... ජනාධිපතිගේ වැඩ සටහන විශ්වාසදායක නිසා....
පරිප්පු, සැමන් අඩු කරනකොට ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශ කරල අඩු කරනවා.. මේ වගේ තීරණ රාජ්‍ය් නිලධාරීන් ලවා කියවනවා.. එක අතකින් පව්..
වැටුප දුන්නම අපි කන්නේ මොනවද? අපි මෙහෙම කරමු... රටේ සියලු දේශපාලුවන්ගේ වත්කම් රාජසන්තක කර වෙන්දේසි කරමු. මහබැංකු හොරාගේ සල්ලි ටිකත් ගමු. පර්මිට් එකට ගෙනා වාහන ටික විකුනන්න කියල මන්තිරිලට කියමු. එතකොට ඉන්දියාවටත් දෙන්න සල්ලි තියයි. අනේ ජයසුන්දර මහත්තය ඔයා නම් මොලයක් නෙවේ , මොළ නැවක් . ඔයා හරි “ස්වීට් “අනේ . ඔයාට තේරෙන් නැති දෙයක් ඇතොත් “ ගම්මන්පිල මහාචාර්ය තුමාගෙන් අහගන්න . (දැනට අපි බොමුද සිතල වතුර වීදුරුවක් )
මම පුද්ගලික අංශයේ සේවකයෙක්. ලිසිං හා ණය වාරික අය කර නොගන්නේ නම් යම් මසකට මම කැමතියි මගේ වැටුප ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කැප කරන්න. මේ වනකම් අසරණ පවුල් කීපයක් වෙනුවෙන් මම මට හැකි අයුරින් ඔවුන්ට සහය උණා. මේ අවස්ථාවේ රටේ මිනිස්සු වෙනුවෙන් මට පුළුවන් මගේ වගකීම ඉටු කරන්න. අපිට වඩා අන්ත අසරණ දවසට වේලක් නොකා ඉන්න මිනිස්සු ඇති වෙන්න ඉන්නවා මේ රටේ. මම හැමදාම කල්පනා කලේ මම කොහොමද ඔවුන් වෙනුවෙන් දෙයක් කරන්නේ කියල මට චන්දෙ ඉල්ලන්න නෙමේ. කොවිඩ් අරමුදලට මම හැකි අයුරින් දායක උණා. නියමිත ක්‍රම වේදයකට විනිවිද අයුරින් මෙය ක‍්‍රියාත්මක කරන්න කියල රජයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. අකමැති අය කරුණාකරලා වචන ඉස්සර කර ගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් හැකි අයුරින් දායක වෙන්න. උපන් බිමට යමක් කර මිය යෑමට මම සුදානම්. කොවිඩ් 19 සටනට උරදී සිටින සියළුම අංශවල විරුවන්ට වරියන්ට මාගේ ප්‍රණාමය!
මැතිවරණය අවුරුද්දකින් කල් දාන්න, රාජ්‍ය සේවකයෝ අමාරුවෙන් දෙන මුදල ඉබේම ආණ්ඩුවට ලැබෙනවා.
ඉන්න සහ හිටපු මන්ත‍්‍රී, මැති, ඇමැති සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල වලට ලබාදෙන පඩි සහ දීමනා නතර කළොත් ඊට වැඩි ගාණක් සොයාගත හැකි වෙනවා සිකුරුයි.
කොරෝනා වත් සමග ඇතිවූ, රටේ සැබෑ තත්වය සහ ලෝක තත්වය ද සලකා හැකි සියලුම දෙනාම මෙයට දායක වනු ඇති.
පොඩ්ඩක් ඉන්න අනේ , තාම සල්ලි නැව අවේ නැහැ ආපු ගමන් ප්‍රශ්න ඉවරයි. ඔයාට ඕක කරන්න බැරිනම් රෝහිත අබේගුණවර්ධනට බාර දෙන්න. මිනිහ දක්ෂය. අගේට රට කරලා පෙන්නාවි...
මිනිස්සුන්ගේ හිඟාකන්න සිදුවෙයි කියලා හිතන්නට තිබුනේ මිට බොහෝ කලකට ඉස්සර.රට විනාශයට ඇදදමන්න කලින්. මේ පුද්ගලයත් ඊට වගකිව යුත්තෙක්. මේ ළඟ එනවා කියන චන්දයෙන් පත්වෙන රජය කවුරුන් වුනත්.... මේ රටේ මහජනතාවගේ ධනය හොරකම් කරපු දේශපාලුවන්ගේ වත්කම් සියල්ලම පවරාගත යුතුයි.
විවිධ ප්‍රශ්න හමුවේ ජීවත්වන අසරන රාජ්‍ය සේවකයාගෙන් මාසයක් ජීවත් වීමට ඇති වැටුප ඉල්ලීම මගින් කියවෙන්නේ හැත්තෑ දෙවසරක අසාර්ථක රාජ්‍ය පාලනයේ කතාවයි එහි ඔබ ද ප්‍රධාන චරිතයක් වීම දෛවයේ සරදමකි...
මේ වෙලාවේ රජයට උදව් කල යුතුය. තැපැල් චන්ද වැඩි හරියක් ගියේ ගෝටාටයි. එම සියලු දෙනාම මේ මස පඩිය රජයට දිය යුතුය. රජය කියන්නේ මහජනතාව බව ඔවුහු දනිති.
අර 225 ට එක මාස 3-4ක් හොරා කන්නැතිව ඉන්න කිව්ව නම් අය වැය පියවාගන්න පුළුවන්....
වැඩ කරන විරුවා අපේ සාක්කුවටත් විද්දා එහෙනම්...
අපේ බදුවලින් ජීවත් වෙන කට්ටිය සල්ලි දමන්න. අපි වැඩ කරලා බදුත් ගෙවනවානේ. අනික අවුරුදු පහක් පාර්ලිමේන්තුව ඉඳල විශ්‍රාම වැටුප් ගන්න අයටත් පුළුවන් මෙයට සම්මාදම් වන්න...
සියලු සේවකයින්ගේ සතියක වැටුප අනිවාර්යෙන් පරිත්‍යාග කල යුතුය.. එහිදී මාසිකව ලක්ෂයට වැඩි වැටුප් ගන්න පුද්ගලයින්ගේ ලක්ෂය ඉක්මවා යන සියලු වැටුප් මුදල හෝ සතියක වැටුප යන්නෙන් වැඩි අගය සාධාරණීකරණය මාස 2ක පමණ කාලයක් නිවසේ සිට වැටුප් ලබා ගෙන ඇත. රැකියාව පරිස්සම්කර ගැනිමට ප්‍රථමයෙන් රට රකගත යුතුව ඇත. මෙ මොහොතේ මේ අවස්ථාවේදී ගමන් වියදම් ඉතිරිය, ඇදුම් වියදම් ඉතිරිය ආහාර වියදම් ඉතිරිය මේකප්.... මතු පරපුරේ සුරක්ෂිත තාවය වෙනුවෙන් කල යුතුමය... මෙතෙක් මොන ගැටළු ආවත් රාජ්‍ය සේවකයින් නිසි වේලවට වැටුප ලබාගෙන ඇත. දේශපාලකයින් හොරකම් කල මුදල් ඉක්මනින් නඩු අවසන් කර අයකරගත යුතුය... මේ මොහොතේ පුද්ගලික අංශය කඩා වැටීමට ප්‍රථම මෙය ක්‍රියාත්මක කර ඇත. අනෙකුත් රටවල්ද එසේය. සාධාරණීකරණයන් මා තුල තවත් බොහෝ ඇත... ටයිප් කිරීම අපහසුය...
ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්චාරණයක් , එහෙමත් නැතිනම් ආයාචනයක්...!!!
බොල බුරු පුතේ රජයේ හැම සේවකයටම එක වගේ සල්ලි හම්බවෙන්නේ නැහැ. තියෙන ක්‍රමයේ හැටියට ඉහල තනතුරු වලට රජ සැප... පහල තනතුරු ලෙව කනවා. පඩියෙන් නය ගෙවල ලන්මයින්ට කෑම අරන් දුන්නම හරිම අමාරුවෙන් ජිවත් වෙන්නේ.
මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලි ආපසු දෙන පාටක් නැතිද ?
හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුනා " කියලා අහලා තිබුනට, එය ප්‍රයෝගිකව අත්දැකලා තිබුනේ නැහැ මේ වෙනතෙක්. වචනෙට පමණක් පුහු දේශප්‍රේමයෙන් උමතු වෙලා සිටින සියලු දෙනාගෙන්ම කිසිදු ආයාචනාවකින් තොරවම මාසික පඩිය කපා දැමීමයි කල යුත්තේ. අයිෆල් කුළුනටත් නොදෙවෙනි නෙලුම් කුළුණක් හදලා අපගේ ආඩම්බරය ලොවටම ප්‍රදර්ශනය කර තිබෙන අපිට දින කිහිපයක් බඩගින්නේ සිටීම මහා කජ්ජක්ද? අනික රට වෙනුවෙන් ඉතාම කැපවීමෙන් උත්කෘෂ්ඨ සේවාවක් සිදුකොට ඇති පාලකයින්ට පමණක් මේ බර දරන්න දෙන එක ප්‍රෞඪ ජාතියකට උරුමකම් කියන අපට හොඳ මදි?
කාලයක් තිස්සේ රාජපක්ෂල ගොඩගහ ගනිපු ධනයෙන් කොටසක් නිදහස් කරවාගන්න පී බී මහත්තයෝ...
අය වැය පිඩනයට මුහුණ දෙන්නේ කොහොමද..? රට නය කරලා...ජෝගි නටපු හොර නරි රැල.. ඉන්නකම්... කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු සල්ලි, කොටින්ගේ රත්තරන් විකුනලා හොයපු කළු සල්ලි.. කොමිස්.. ඒවා තියෙන හොර දේශපාලුවන්ගෙන් සල්ලි ඉල්ලාගන්න. අය වැය හරියට කරගන්න බැරිනම් දෙවියන්ගේ නාමයෙන් දැන්මම ඉල්ලලා අස්වෙන්න. වැඩේ අප්සට් කරලා රට ගිනි ගොඩකට දැම්මොත්... මිනිසුන්ගේ නැගිටීම හමුදාව දාලා නවත්වන්න බැහැ. හමුදාවත් මහා ජනතාවගේ පැත්ත ගන්නවා. ඔය හොර නරි එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. උන්ගේ දරුවන්.... සියලුදෙනාම අතුගෑවිලාම යනවා. අනිවාර්යයෙන්ම මේ දේ වෙනවා...
රාජ්‍ය සේවකයන් පමණක් නොව යමක් කිරීමට හැකියාව ඇති සියලු දෙනාම කැප කිරීමක් කල යුතු අවස්ථාවක්. ලෝකයේ බොහෝ රටවලට ඉදිරියේදී බලවත් ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇත. රජයේ ආදායම් මාර්ග බදු ආදායම් ද ඇතුළත් ව ඇහිරී ඇත. වැටුප් ගෙවීම ඇතුලුව අනෙක් අත්‍යාවශ්‍ය වියදම් දැරීමට නොහැකි වීමට ඉඩ ඇත. පසුගිය මාසයේ රජයේ සේවකයන් හට කලින්ම වැටුප් ගෙව්වා. එහෙත් වෙනදා වගේ අවුරුදු නැහැ. අලුත් ඇදුම් වියදම් නැහැ. බස් වියදම් නැහැ. ලමයින්ගේ ටියුෂන් වියදම් නැහැ. වෑන් ගාස්තු නැහැ. එනිසා පොඩි මුදලක් හෝ ගෙවන එක හොඳයි. එහෙත් සෞඛ්‍ය ආරක්ෂක වැනි ලොකු කැපවීමක් කල අයගෙන් ඉල්ලීම සාධාරණ නැහැ. අනෙක් අතට අනවශ්‍ය ලෙස රජයේ ආයතන වලට සේවකයන් බදවා ගැනීම නතර කල යුතුයි. පලදායි නොවන රැකියා සදහා උපාධිධාරීන් බදවා ගන්න කොට ලංකාවේ මිනිස්සු කැමැති වුනාට වෙන රටක නම් ඒ වගේ ආණ්ඩුවක් ආපහු බලයට ගේන්නේ නැහැ. ඒ මිනිස්සු තමුන්ගේ බදු අනවශ්‍ය ලෙස නාස්ති කරන්න දෙන්නේ නැහැ. වැටුප් වියදම් රුපියල් බිලියන 100ක් වී ඇත්තේ ඔවැනි වැඩ නිසයි.
බැඳුම්කර හොරුන්ට නීතිය ඉටුකරලා හොරා කාපු සතයක් නෑර ගන්නවා කියපු මිනිස්සු නේද මෙ හිගාකන්නේ?... අපොයි...
කලිං තැබෑරුම් ඇරියට ආපු මහජන විරෝධය හින්ද දැන් අලුත් විදියකට මුට්ටිය දාල බලන්න යන්නෙ. බාර් කාරයො ඔක්කොම මහින්ද මහත්තයගෙ යාලුවොනෙ.
ගෝඨාට ඡන්දය දුන්න ලක්ෂ 69 වන ගෝත්‍රික වහල්ලුන්ගෙන් ඉල්ලා ගන්න. අපි ඕවාට නැහැ.
වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවන්න සේවයේ සිටියදී අයකරන මුදලින් වැ.අ.වි.වැ අරමුදලින් වැන්දඹු අයට කියලා වත්මන් නිලධාරීන් නොදන්නවා වුවත් මෙයට වසර කීපයකට පෙර සේවයේ සිටි සියල්ලන්ම දන්නවා. මෙම ඉල්ලීම නිසා අපිට සැකයක් ඇතිවෙනවා මේ කල්ලි ඒකටත් දීලද කියලා. මම දන්නා ලෙසට ගැටළුව තියෙන්නේ විශ්‍රාම වැටුප් ගෙවීමටයි. එය කලයුතු වන්නේ ඒකාබද්ධ අරමුදලින් මුදල් වෙන් කිරීමෙන් පමණයි. මෙම ප්‍රශ්ණය මෙයට වසර 18 කට පෙර දුටු රනිල් අගමැතිවරයා දායකත්ව විශ්‍රාම වැටුපක් සැකසීමට උනන්දු වුවත් එකල විපක්ෂයේ සිටි මැතිඳුන්ලා එය වැළැක්වීමට නොකළ දෙයක් නැත.. අපිද රජයේ සේවකයින් ලෙසට එයට විරුද්ධ වීමු. පුද්ගලික වාසි තකා රටට යහපත් යෝජනාවන්ට විරුද්ධවීමේ විපාක දැන් මතුවී ඇතැයි කිවහැකිය...
රජයේ සේවකයින් මාසික වැටුප දුන්නා කියා මොහොතකට සිතමු. හැබැයි ඔය කියන බිලියන 100ම ලැබුණත් රජයේ අනිකුත් ආදායම් විදේශාධාර දූෂණය, නාස්තිය සමග සසඳා බලනවිට මෙය ඉතා කුඩා වටිනාකමකි. මේ මුදලික් ලබාගතහැකි සංවර්ධනය කුමක්ද? පළමුව ආණ්ඩුව ආදර්ශමත්විය යුතුයි. එසේ නොවීම කවුරු බලයේ සිටියත් මේ රටට ආවේනික ගැටලුවක් වී ඇත.
මෙහෙම යෝජනාවක් මම කරන්නේ. මැයි මාසෙ පඩියෙන් ජීවත්වෙලා ජූනි මාසේ පඩිදාට ඉතිරි වෙන ගාන රජයට දෙමු. අනේ.. රජයේ සේවකයින් ජීවත්වන හැටි නොදන්න ජනාධිපති ලේකම්...
ඩේසි ආච්චිට කියලා මැණික් මල්ලක් ගෙන්න ගන්න. මල්වානේ මන්දිරය විකුණන්න. බැරිනම් තවත් ඒවා තියෙන්නේ හම්බකර ගත්ත ඒවා. මේ හදන්නේ ඡන්දෙට රාජ්‍ය සේවකයින්ගේ සමීක්ෂණයි. මුලු පඩිය දුන්නොත්, පඩි බාගයක් දුන්නොත්, සතියක පඩි දුන්නොත්, ඡන්දේ ශුවර්, දවසක පඩි දුන්නොත් 50% ක් ශුවර් , දුන්නෙ නැතිනම් බඩුම තමා කියලා දැනගන්නවා...
පේනවා නේද වෙනදේ..? මහ ලොකු ආර්ථික ලොක්කෝ ඉන්නේ... මාසයයි ගියේ.. පඩි කපන්න අහනවා... රට කාලා හපේ විතරයි ඉතුරු...
මේ ඉල්ලීම රටේ වර්තමාන තත්ත්වය අනුව සාධාරණ වුණත් රජයේ සේවකයින් ගැන සිතීමේ දී යුක්ති යුක්ත නැහැ. මොකද හැම රජයේ සේවකයෙකුටම ජනාධිපති ලේකම්ගේ වැටුප ලැබෙන්නේ නැහැ. අනෙක බොහෝ සේවකයින්ගේ වැටුපින් නිවාස ආපදා වැනි ණය සඳහා මාසික වාරික කැපී යනවා. ඉතින් කොහොම ද ඉතිරිය රජයට පුද කරන්නේ? දිනක වැටුප පමණක් ඉල්ලුව නම් යුක්ති සහගතයි.
ලංකාවේ දේශපාලකයින්ගේ විශ්‍රාම වැටුපද රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම ගියාට පසුව (60) ලබාදෙන වයසෙන්ම ලබා දෙන්න ඕනේ කියලා හිතනවා. 60 ට පසුවත් දේශපාලනය කරනවානම් විශ්‍රාම වැටුප ලබා ගිනිමින් මන්ත්‍රී වැටුප්ද ලබාගැනීම නොකරොත් හොඳයි කියලා හිතනවා. විශ්‍රාම වැටුප කියලා මම හිතන් හිටියේ විශ්‍රාම ගියාට පස්සේ ලබාගන්න වැටුපක් කියලා. මට අපැහැදිලි කරුණනම්.. නීති හැදිලා තියෙන්නේ වචන වලින්නම්. විශ්‍රාම වැටුප කියන එකත් වචනයක්නම්... විශ්‍රාම ගියාට පස්සේ (කායිකව හෝ මානසිකව දුබලවී වැඩ කළ නොහැකි විට) ලබාගන්න තියන වැටුපක් තරුණ කාලෙදීම ලබන්නේ ඇයි කියලා. අනික විශ්‍රාම වැටුපයි වෙනත් අදායම් ලැබීමයි දෙකම සිදු නොවිය යුතු දෙයක් කියා මටනම් හිතෙන්නේ. වෙනත් අදායම් ඇත්නම් මාසිකව ලැබියහැකි උපරිම අගයක් තිබුනොත් හොඳයි. උපරිම අගයට වඩා වැටුපක් හෝ වේතනයක් ලබනේනම් එම කාලය තුළදී විශ්‍රාම වැටුප ලබාදීම නොකළ යුතුයි කියා හිතනවා.
ඔහොම වෙලා මදි උඹලට. රුපියල් දහ දාහකින් පඩි වැඩි උනා කියල අමතක කළ අය, පෙට්‍රල් රුපියල් එකසිය විසිපහට ගැහුවා කියලා අමතක කළ අය, කතා දෙකක් නැහැ අඩුතරමේ වැටුපෙන් භාගයක්වත් කපලා දාන්න ඕනා. පගා ගහපු මුදල් ඉතුරු කරලා ඇතිනේ.
මේක නම් ආර්ථික ඝාතක රජයක්ම තමයි. අහිංසක මිනිස්සුන්ගේ පඩි සල්ලි ඉල්ලන ගමන් කෝටි 400-500 ක් වියදම් කරලා චන්දෙ වේලාසන තියන්න දඟලනවා.
ප්‍රසිද්ධියේ සිඟමන් යැදීම තහනම් කළා නේද? දුගී දුප්පත් මිනිසාට පමණක්ද නීතිය ?
කොරෝනා නිසා කාර්යාල වහල තිබෙන කොට පගාවක් වත් ගහගන්න බැහැ , එවැනි අවස්ථාවක වැටුප කප්පාදු කිරීම සාධාරණ නැහැ .
අර මහා බැංකුව අමු දවාලේ කොල්ල කාපු එවුන්ගෙන් පටන් අරගෙන අන්තිමට පාරට දාන කොන්ක්‍රීට් එකෙන් කාපු අප්පල ඔක්කොම දුන්නට පස්සේ අපෙන් ඉල්ලන්න.
පඩි කපන අපේ විරුවා.... දැන් වෙනස සැපයි දරුවා.. තාලයට කියන්න හැමෝම
රජයේ සේවකයන්ගේ වැටුප් කප්පාදු කරන්න ඉස්සරවෙලා අමාත්‍යංශ වල ගාල් කරලා තිබෙන අමෙතිවරුන්ගේ භාවිතය සදහා ගෙන්වපු ප්‍රාඩෝ , බෙන්ස් , බිඑම් ඩබ්ලිව් ටික වෙන්දේසි කලොත් නරකද? ඇමතිලට ඔවුන්ගේ මන්ත්‍රී පර්මිට් එකට ලැබුන වහනය රාජකාරි සදහා භාවිත කරන්න කියන්න. ඉදිරියට ඔවුන්ට ඉන්දියන් ජීප් පමණක් නිලරත ලෙස ලබාදෙන්න. ඒවා මිලෙන් අඩු වන අතර ඉන්දන සහ නඩත්තු වියදමද අඩුය...
දැන් ඔය ඇතුලේ ඉන්න අයත්, එළියේ ඉන්න අයත් හොරා කාපුවා ගේන්න කියන්න ගෙවල්, දොරවල් ඉඩම් කඩකඩා සාප්පු ගත්ත ඒවා විකුණලා ඒවා ගන්න ඔනේ...
කමක් නැහැ. අපේ මැයි මාසේ පඩිය හොරකම් කළාට... අපි ඔක්කොම සජිත්ව බලයට ගෙනෙනවා. එතුමා අපිට ඒ මුදල නැවත දෙන බව ප්‍රකාශ කළා...
රජයේ සේවකයෙකුට පමණක් අවස්ථාවක් ලබා දෙන්නේ ඇයි...? පුද්ගලික අංශයට මෙම අවස්ථාව ලබා නොදෙන්නේ ඇයි?
මේ වගේ ආර්ථික විශේෂඥයෙක් ලෝකෙම පාලනයට හොදයි... වියදම් නොකර ඉන්න එක තමයි මෙයාගේ නියාය... හොද මොලේ නේද?
පාර්ලිමේන්තුවෙ ඉන්නෙ 225යි. එයාලගෙ මුලු වැටුපම කපාගත්ත උනත් ඉතුරු වෙන්නෙ සුලු මුදලක්. ඒ මුදලින් රටට කලහැකි දෙයක් නෑ. රජයේ සේවකයො ලක්ෂ ගාණක් ඉන්න නිසා එයාලගෙ පඩි කැපුවොත් විශාල ගණනක් ලැබෙනවා. මේ වසංගතය අවස්ථාවෙ ඒක රජයට ඉතාම වටිනවා. අපි රට වෙනුවෙන් අපේ වැටුප ආණ්ඩුවට දෙමු. ආණ්ඩුව වසංගතයෙන් රට බේරගත්ත දවසට අපි ආපහු වැටුප් ගමු.
දැන් මේ හිඟන ආණ්ඩුව ගෙදර යවන්න කාලයයි. සාදුකින් පෙලෙන වුන් දැන් ඉතින් නැගිටියව්...