(කුෂාන් ජයවර්ධන)
කැකිරාව පලාගල කුඩා හෙටිට්යාව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක මැරතන් තරගයක් අතරතුරදී දස හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි
පලාගල කුඩා හෙටිටියාව ගම්මානයේ පොදු ක්‍රිඩාංගනයේදී මෙම අවුරුදු උත්සවය පවත්වා තිබිණි. ඊට සමගාමීව පැවැති විවෘත මැරතන් තරගය සදහා එක්ව සිටි පහළොස් හැවිරිදි තම සහෝදරයාගේ සහය සදහා එක්ව සිටි දස හැවිරිදි බාල සහෝදරයකු මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය කියයි
මෙලෙස මියගොස් ඇත්තේ කුඩා හෙට්ටියාවල පලාගල ගුණතිලකගේ දණුක ලක්ෂාන් නමැති වයස අවුරුදු 10 ක දරුවෙකි. ඔහු පලාගල මහා විදුහලේ පස්වන වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන බව පොලිසිය කියයි
කුඩා හෙටිටියාව ක්‍රීඩාංගනයෙන් ඇරඹි ඇති එම මැරතන් ධාවන තරඟයේදී කිලෝමිටර් 04ක පමන දුරක් තරගකරුවන්ට නිමා කිරීමට නියමිතව තිබී ඇත. එම තරගයට එක්ව සිටි තම පහළොස් හැවරිදි සහෝදරයාගේ තරඟ සහය සඳහා මෙම දස හැවිරිදි දරුවා ද එක්ව සිට ඇති අතර තරගයේ අඩක් පමණ නිම කර තරඟකරුවන් පලාගල ප්‍රදේශයට ලගාවත්ම තරගකරැවන් අතරේ ගමන් කරමින් සිටි මෙම දස හැවිරිදි දරුවා හදිසියේ අසනීව තිබේ.
ඒහිදි වහා ක්‍රියාත්මකව ඇති ප්‍රදේශවාසීන් විසින් එම දරුවා කලාවැව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කර තිබිණ. ඒ සමගම අසාධ්‍ය තත්වයේ පසුවූ එම දරුවා වැඩිදුර හදිසි ප්‍රතිකාර සදහා කැකිරාව රෝහල වෙත මාරු කර යැවීමට කලාවැව රෝහල් බලධාරීන් පියවර ගත්තේය. අසාධ්‍ය තත්වයෙන් පසුවූ එම දරුවා කැකිරාව රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයියාගේ සහායට මැරතන් තරගයට ගිය මල්ලී මරුට
නිමලා Saturday, 22 April 2023 07:13 PM
මේ එළිමහනේ මැරතන් දුවන කාලයක් නොවෙයි.
Bunny Preena Monday, 24 April 2023 10:08 AM
හද කම්පාකරවන බොහෝම දුක්බර කතාවක්... සහෝදර ප්‍රේමය කොච්චර ශක්තිමත්දකියන එකට හොඳම උදාහරණයක්... සොහොයුරන් දෙන්නා එකිනෙකාට බොහොම ලෙන්ගතුකමින් හිටිය දෙන්නෙක් කියලා ඔප්පු කරන්න තව සාක්ෂි කුමටද? අයියව දිනවන්න ඕනෑ කියලා මල්ලිගෙ හිතේ ලොකු ආසාවක් තියෙන්න ඇති... දැනට ඇති උණුසුම් කාලගුණය සමහරක් අයව නොදැනුවත්වම ලෙඩ කරවනවා. පව්, අයියාට කොපමණ දුකක් ගෙන දෙනවද මල්ලිගෙ වියෝව...? ඒ වගේම දෙමව්පියන්ට සහ අසල්වාසීන්ට... ඔහුට නිවන් සුව පතමි.