(යොහාන් භාසුර)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සපයන ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් හෙට (27) සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

එම දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියේ අද (26) පස්වරු 1.30 සිට බිඳ වැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් එම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් සියලුම සේවාවන් ක්‍රියාත්මක නොවන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.