(සුජිත් හේවාජුලිගේ )
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට(අයි ඩී එච් රෝහල) ඇතුළත් කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද 180 ක් දක්වා පහත බැස ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවැසීය.
රෝහලට ඇතුළත් කෙරුණු රෝගීන් සංඛ්‍යාව මෙයට සති කිහිපයකට පෙර 230ක් දක්වා ඉහළ ගිය බවද හෙතෙම සඳහන් කළේය.
එසේම කොවිඩ් මරණ සංඛ්‍යාවද පහත බැස ඇතැයි පැවසූ අත්තනායක මහතා ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාවද 30ත් 40ත් දක්වා පහත බැස ඇතැයි පැවසුවේය.
ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව මෙයට පෙර පැවතුණේ 70ක් වශයෙනැයිද අධ්‍යක්ෂවරයා කීවේය.
මේ අතර රෝහලේ සියලුම වාට්ටුවලට ප්‍රමාණවත් ඔක්සිජන් පහසුකම් සැපයීමට විධිමත් වැඩපිළිවෙළක් අරඹා ඇතැයි හසිත අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හිතට සතුටක් දැණුනා කාලෙකට පස්සෙ . එන්නත්කරණයත් සාර්ථකව යන නිසා රටට යම් යහපත් කාලයක් උදාවේවි යැයි හිතනවා. පතනවා.
මම නම් හිතන්නේ දැන් ලංකාවේ 50% කට වඩා කෝවිඩ් හැදිලා තියෙන්නේ... තව හැදෙන්න කට්ටිය හොයා ගන්න බැරිව ඇති වයිරස් එකට...
දැන් කොහොමත් රෝහල් කරා යාම අඩපන කරලානේ තියෙන්නේ.
අයි.ඩී.එච්. එක ගැන ප්‍රවුර්තියක් ඇහුවෙ ගොඩක් කාලෙකට පස්සෙ. තත්වය සුබදායක අතට හැරෙන බව සත්‍යයක් නම් එය සතුටට කරුණක්.