(යොහාන් භාසුර)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (එල්.අයි.ඕ.සී) සියලුම ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා සති දෙකක් තුළ ඉවත්කිරීමට එම සමාගම පොරොන්දු වූ බවත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට සාකච්ඡාවකට ආරාධනා කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඉන්ධන තොග සඟවා ගැනීම සහ නියමිත ප්‍රමිතියේ ඉන්ධන ලබානොදීම ආදි අක්‍රමිකතාවලින් ජනතාව වළක්වාගැනීම මහජන උපයෝගිතා කොමිසමේ වගකීමක් බව කී සභාපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද සඳහන් කළේය.