(යොහාන භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඩීසල්  මිල අඩු කිරීමට සාපේක්ෂව ඉන්දියන් ඔයිල් සමාගමත් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බව එම සමාගම පවසයි.

ඒ අනුව  ඉන්දියන් ඔයිල් සමාගම ද ඩීසල් ලීටරයක් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 420 කට අලෙවි කරයි.