IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අයි.ඕ.සී. ඉන්ධන මිල යළිත් ඉහළට

(යොහාන් භාසුර)

ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබේ.

එම ඉහළ දැමීමත් සමඟ පෙට්‍රල් ලීටරයක් රුපියල් 204 සිට රුපියල් 254 දක්වා ද, ඩීසල් ලීටරයක් රුපියල් 139 සිට රුපියල් 214 දක්වා ද, ඉහළ ගියේය.



අදහස් (9)

අයි.ඕ.සී. ඉන්ධන මිල යළිත් ඉහළට

ඩි. පි ප්‍ර්‍රසාද් Friday, 11 March 2022 07:04 AM

රටේ සම්පත් වරින්වර විදේශීය සමාගම්වලට විකුණා රට අගාධයට ඇද දැමීමට කටයුතු කළ කපටි දේශපාලන පක්ෂ වු ශ්‍රී ලංකා, යූ.එන්.පී. හා පොහොට්ටුකාරයින් ඉදිරියටත් රටේ බිම් කොටස් සම්පත් ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු බලවත් රටවලට විකුණනු ලබයි. ඉදිරියේදී ඛනිජ තෙල් පමණක් නොව විදුලිය, ජලය, ඖෂධ, ගෑස් හා ආහාරවල මිල නියම කරනු ලබන්නේ විදේශ සමාගම් මගිනි. එවැනි තත්වයකට රට ඇද දැමීමට කටයුතු කළ හා කරන සෑම දේශපාලුවෙකුටම හෙන ගහන්න ඕනේ යන ප්‍ර්‍රාර්ථනාව තමයි කරන්න තියෙන්නේ..!.

:       0       17

සමිත සේනක අලුත්ගමගේ. Friday, 11 March 2022 07:07 AM

"ඉන්ධන ඇතුළු සියළුම දේ ඉහළ යතේ... ඒවා අල්ලන්න අප වෙත සවිය නැතේ... කිසිදා නොමැති විපතක් දැන් සිදුව ඇතේ ... රට දැය රැකගන්න පෙරටම වරෙන් පුතේ ..."

:       0       17

Nimesh Friday, 11 March 2022 07:31 AM

දැන්නම් ලංකාවේ ඉන්න බය හිතෙනවා.., රටේ ඉන්න ඉහළම පුද්ගලයින් දෙන්නා මේ ප්‍රශ්නේ ගණන් ගන්නේ නැතිව හැසිරෙන විදිහ දැක්කාම ඉස්සරහට මේක තවත් උග්‍රවෙයි කියලා හිතෙනවා...

:       0       19

Samantha Friday, 11 March 2022 08:04 AM

කැබිනෙට්ටුව අඩු කරපල්ලා...

:       0       13

Asiri Friday, 11 March 2022 08:11 AM

තව මදි, තව තව ඕන... ඡන්දේ දුන්නු අපිට සලකනවා මදි... ශෝක් ...!

:       0       18

sachith Friday, 11 March 2022 08:15 AM

වෙළඳ ඒකාධිකාරයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. අන්තිමට මෙයාලා කීයද කියන්නේ ඒ ගාණට අපිට ගිහින් ගන්න වෙනවා.

:       0       7

wicky Friday, 11 March 2022 09:49 AM

කොහොමත් අපිට නිෂ්පාදනය නොකරන තෙල්වලට සහන දෙනවා කියලා... මේක කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ. දැන් පේනවනේ ඩොලර් එක සැරේටම 260 වෙලා. ඕක පොඩ්ඩ පොඩ්ඩ වුණාම මෙච්චර එක සැරේ දැනෙනවද...? කොහොම වුණත් මේකෙන් වෙන්නේ තවත් පෝළිම වැඩිවෙන එක තමයි. සිපෙට්කෝ එක වැඩි කරාවි කියලා මිනිස්සු තෙල් ගහන්න පටන් ගන්නවා. අනික අයි.ඕ.සී. එකේ වැඩි කියලා බස් ගාස්තු, ඉඳලා හැම එකම වැඩිවෙනවා. ඩීසල් වැඩි කරන්න ඕනෑ.. ඒකට පෙට්‍රල් වැඩි කරලා හරි යන්නේ නැහැ.. ඕකයි ඉතින් තත්වේ..

:       0       4

gb Friday, 11 March 2022 12:25 PM

දැන් සැපද?

:       1       15

Jagath Friday, 11 March 2022 07:52 PM

ඩොලර් එකක් රුපියල් 350ට වඩා ඉහළ යනවා ඉතාමත්ම ඉක්මණින්. දැන් ඉතිං වාහන ගෙදර තියලා පයින් පලයල්ලා. නන්දසේනව ඕනෑ කියලා ඡන්දෙ දීපු 69 ලක්ෂයට දැන් හොඳටම සැප ඇති නේද..?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 547 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1693 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site