(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් මුදල් හුවමාරු පහසුකම යටතේ ලබා දීමට තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
මෙම මුදල අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා උදව් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ප්‍රකාශ කර තිබේ. ඖෂධ, ආහාර සහ පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා මුදල් සැපයීමට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ සහ අපනයන වලින් සියයට 30 ක ප්‍රමාණයක් හසුරවන මෙරට පුද්ගලික බැංකු තුනක් සඳහා මෙම පහසුකම ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව නිකුත් කළ ප්‍රකාශයේ දැක්වේ.
මෙම පහසුකම මගින් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍යව තිබෙන විදෙස් සංචිත ලැබෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සඳහන් කර ඇත.මෙම පහසුකම ලබා දීම තුළින් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය ආයෝජක ප්‍රජාව අතර වර්ධනය වනු ඇති බවත් ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය වීමට නව ආයෝජන ගලා එනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.එෆ්.සී මුදල් හුවමාරු ක්‍රමයට ඩොලර් මිලියන 400ක් දෙයි
chandima Monday, 27 February 2023 09:24 PM
මොන අත්‍යවශ්‍ය භාණ්ඩද ?අන්න සුවඳ විලවුන් සහ රුපලාවන්‍ය බඩු ගේන්න යනවා