IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයි.එම්.එෆ් විවාදයට විපක්ෂය නෑ?

(අංජුල මහික වීරරත්න)

රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අත්සන් කරනු ලැබූ ගිවිසුමට අදාලව මෙි මස 26, 27 සහ 28 යන තෙදින  පැවැත්වෙන විවාදයට විපක්ෂය සහභාගී නොවන තත්ත්වයක් උද්ගතව ඇතැයි රජයේ  ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙි තත්ත්වය උද්ගත වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුමේ සිංහල සහ දෙමළ භාෂාවල පරිවර්තන විපක්ෂය විසින් ඉල්ලා සිටීම නිසාය.

ගිවිසුමේ සිංහල පරිවර්තනය දෙන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විශේෂ ඉල්ලීමක් කර තිබේ.

මේ අතර ඉන්දු ලංකා ගිවිසුම පිළිබදව පාර්ලිමේන්තු  විවාදය පැවැත්වූයේද එම ගිවිසුමේ ඉංග්‍රීසි පිටපත පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබියදී බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ අත්සන් කළ ගිවිසුම ඉදිරිපත් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.

විපක්ෂය භාෂා ප්‍රශ්නයක් මුල් කර ගනිමින් මෙලෙස කටයුතු කිරීමට උත්සාහ කරන්නේ අයි.එම්.එෆ් විවාදයෙන් පැන යාමට බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් විමසීමේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුයේ අදාල විවාදය පැවැත්වීම සඳහා සිංහල සහ දෙමළ පිටපත් අත්‍යවශ්‍ය වන අතර රජය එම පිටපත් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.



අදහස් (2)

අයි.එම්.එෆ් විවාදයට විපක්ෂය නෑ?

වැඩපරක්කු Thursday, 20 April 2023 05:40 PM

විවාදයක් හරියට කරන්න ඕන නම් ඒක ලංකාවෙ රාජ්‍ය භාෂාවන් දෙකෙනුත් ලබාදීම අත්‍යාවශ්‍යම දෙයක් තමයි. ඕක පරිවර්තනය කරන්න විශාල කාලයක් ගතවෙනවා නම් එතෙක් කල්දාල වෙනත් වැදගත් කරුණක් සාකච්ඡා කරන්න බැරිද. න්‍යාය පුස්තකයේ දමා කකාරා ගන්න ගියාම තමයි රටේ ප්‍රශ්න දීර්ඝකාලයක් යටවෙවී තියෙන්නෙ

:       0       2

dhamneth Thursday, 20 April 2023 06:36 PM

නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් හත්පතකුත් ටිකක් ඕන කිවුවලු

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site