(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
එම ප්‍රකාශය මගින් මහ බැංකුව පෙන්වා දෙන්නේ වාර්තාවේ සඳහන් නිර්දේශ සමහරක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි.
මෙම වාර්තාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ දීර්ඝ සහ ගැඹුරු අධ්‍යනයකින් පසුව ප්‍රකාශයට පත් කළේය.
පසුගිය වසරේ අගෝස්තු මස 21 වෙනි දින සිට ශ්‍රී ලංකාවේ මුල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම,විනිමය අනුපාත පාලනය නොකිරීම,විදේශ විනිමය වෙළඳපොල ගණුදෙනු සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම ප්‍රධාන වෙළඳ භාණ්ඩ වල මිල වෙළඳපොල පදනම් කරගනිමින් සැකසීම වැනි පියවර කිහිපයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව එම මහ බැංකු නිවේදනයේ සඳහන් වේ.
එසේම ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුදලේ අරමුදල සමග සමීපව කටයුතු කිරීමට සුදානම් වීමත් සමග ශ්‍රී ලංකා මහ බැංකුව ද මුල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ,
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අයි.එම්.එෆ් වාර්තාවට මහ බැංකුවෙන් ප්‍රතිචාර
ravin Saturday, 26 March 2022 03:00 PM
ඔලුව ඉදිමිච්ච හොරුන් මොකද කියන්නේ? කයිය ගැහැව්වේ අපි යන්නේ නැහැ කියලා...
Sanath DubaiSaturday, 26 March 2022 04:05 PM
IMF වාර්ථාවේ කියන්නේ අනවශ්‍ය දේ සඳහා අධික ලෙස ණය ලබා ගැනීම මේ අර්බුධයට හේතුව කියලා.
BamunuarachchiSaturday, 26 March 2022 05:31 PM
කොහෙද එහෙම කියලා තිබෙන්නේ? ඩුබායි පත්තරයකද එහෙම කියලා තිබෙන්නේ?
Dr. Vajira FernandoSunday, 27 March 2022 12:57 AM
ප්‍රසිද්ධ කරපු වාර්තාවේ තියෙන්නේ අනවශ්‍ය දේ සඳහා අධික ලෙස ණය ගැනීම හේතුව කියලා. වාර්ථාව හොයාගෙන කියවන්න බමුණු...
BamunuarachchiSunday, 27 March 2022 06:50 PM
Dr Vajira, මම කතා කරන්නේ මෙතන තිබෙන දේ ගැන පමණයි. හොයාගෙන ගියොත් තව බොහෝදේ දැනගන්න පුළුවන්... එහෙම නේද? මේ ආණ්ඩුව බලයට ඇවිත් කෝවිඩ් මර්දනයේ යෙදුණා මිස ණය අරගෙන කරපු අනවශ්‍ය දෙයක් නැහැ. එහෙම කළානම් අපිව දැනුවත් කරන්න.
Willow Drive Saturday, 26 March 2022 03:20 PM
කපන්න බැරි අත ඉඹිනවා නේද?
Rohana Saturday, 26 March 2022 07:58 PM
නිසි උපදෙස්වලින් තොරව ආණ්ඩුවට හිතෙන හිතෙන දේවල් කරන්න ගිහින් මේ ආර්ථික අර්බුදය වුවමනාවෙන් ගෙන්නගත් එකක්. රටේ ආර්ථිකය නිවැරදි දිශාවකට ගන්න IMF යෝජනා ක්‍රියාත්මක කිරීම දැනටත් ප්‍රමාදයි. මුලදී මේ ක්‍රියාමාර්ග ගත්තා නම් මෙතරම් ආර්ථික අර්බුදයක් ඇති නොවෙන්න තිබුණා.