IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘අයි.එම්.එෆ් වාර්තාව තවමත් ලැබී නෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  වාර්තාව මුදල් අමාත්‍යාංශයට තවමත් නිල වශයෙන්  ලබාදී  නැතැයි  ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්  සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

එම වාර්තාව ලැබුණු වහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ එම වාර්තාව වෙබ් අඩවියට  ඇතුළත් කරන්නේ නම් එය ඉන් ලබාගත හැකි බවයි.

එම වාර්තාව මහ බැංකුවේ අධිපතිවරයාට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලබාදී ඇතැයි පැවසූ  වික්‍රමසිංහ මහතා පාකිස්ථානයේ අයි.එම්.එෆ්  වාර්තාවද නිකුත්වී ඇතැයි සඳහන් කළේය.



අදහස් (2)

‘අයි.එම්.එෆ් වාර්තාව තවමත් ලැබී නෑ‘

Sriland Tuesday, 22 March 2022 03:48 PM

කළින් අරගත්තු ණය ගෙවන්නත් බැරුව තවත් ණය අරන් ගෙවන්නේ කෙසේද කියලා ජනතාවට පොරොන්දුවක් දෙන්න ඕනෑ. නැතිනම් අන්තිමට ඉතුරු වෙන්නේ අහිංසක ජනතාව විතරයි... ආණ්ඩු මාරු වුණාම වැඩේ ලේසියි.

:       0       0

sharm warn Tuesday, 22 March 2022 04:47 PM

ආ... තවම ලැබුණේ නැද්ද? එන්න අපි කොපියක් දෙන්නම්... ඔයාලා තොත්ත බබාලනේ... ලොක්කා රිදී බන්දේසියේ පුදනකල්ද බලාගෙන ඉන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site