(යොහාන් භාසුර)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) පෞද්ගලිකරණය කළ යුතු යැයි නිර්දේශ කර ඇති රාජ්‍ය ආයතන ලැයිස්තුවට දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළත්ව තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (30) පැවසීය.

පාඩු ලබන ඇතැම් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දී තිබෙන බව කී ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ඇති දුම්රිය දෙපාර්තමේන්තුව ඒ අතර තිබෙන බව ද සඳහන් කළේය.

අතිකාල දීමනාව පොඩ්ඩක් එහෙට මහෙට වුණාම දුම්රිය සේවකයන් කරන දේවල් පෙණෙන්නට ඇති බවත් අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කරන්න  තීන්දු ගතහොත් එම කණ්ඩායම්වලට ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බවත් කීය.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කොළඹදී අද (30) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පවැසීය.