
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙන පසුබිම හමුවේ රජය ගන්නා ඉදිරි පියවර කුමක්දැයි වහාම හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (3) පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධ වාර්තාවෙි සඳහන් කර ඇති ආකාරයට සැලසුමක් ඇතිව මූල්‍ය අරමුදල වෙත යනවාද?නොයනවාද? යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ එජාප ජ්‍යෙෂ්ඨයන් සමඟ අද (3) පෙරවරුවේ පැවැත්වූ සාකච්ඡාවේදී ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට අදාළව ඊයේ (2) අලුයම නිකුත් කළ වාර්තාව පිළිබඳව ඉහත සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වීය.
රජය සතු විදේශ සංචිත අඩු වීම,බඩුමිල වැඩිවීම මෙන්ම මහ බැංකුවට මුදල් අච්චු නොගසන ලෙස දැනුම් දීම ඇතුළු කරුණු රාශියක් මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2022 ට අදාලව නිකුත් කළ වාර්තාවේ ලංකාව සිම්බාබ්වේ රාජ්‍යය සමඟ සම තත්ත්වයක තැබීම ද විශේෂත්වයක් බව මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදාළ වාර්තාව සැකසන අවස්ථාවේදී පැවැති තත්ත්වය අනුව ලංකාවේ සංචාරක පැමිණීම වැඩිවිය හැකි බව සඳහන් කෙරුණත් රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් ඒ තත්ත්වය වෙනස්වී ඇතැයි ද මේ සාකච්ඡාවේ දී අනාවරණය කෙරිණි.
මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධ වාර්තාව නිකුත් කර තිබෙන මේ අවස්ථාවේදී ගන්නා පියවර කුමක්දැයි රජය වහාම කිව යුතුව ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට මොකද මේ තරම් තදියම් අයි එම එෆ් යවන්න.මෙයා දන්නවා ඒකට ගියාම වෙන දේ.ඒ පදයට තමයි නටන්න වෙන්නේ කියලා.ටිකිරි මොලේ