
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 95කින් පාර්ලිමේන්තුවේදී අද (28) පස්වරුවේ සම්මතවිය.
යෝජනාවට පක්ෂව ඡන්ද 120ක් ලකුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 25ක් පමණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
ඒ එච් එම් ෆවුසි මහතා හැර සමගි ජන බලවේගයේ සෙසු සියලු මන්ත්‍රීවරු සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ සිටියේ නැත. ෆවුසි මහතාද යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේය.
යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සන්ධානය සහ උත්තර ලංකා සභාගයයි.
අතුරලියේ රතන හිමියෝද අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ නායක ජී.ජී පොන්නම්බලම් මහතාද යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව දින තුනක් පුරා (26,27,28) විවාදයට ගැනිණ.
මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශයට අවශ්‍ය සහාය ලබාදීම මෙම යෝජනාව මඟින් සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබ සියලු මන්ත්‍රීලා සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටියා කියන්නේ ආසයි, බයයි කියනවා වගේ... නැත්නම් වැට උඩ ඉන්නවා වගේ වැඩක් තමයි..
සමගි ජන බලවේගය "අසුචි ස්නානය" කළබව හොඳට සටහන් කරලා තියාගන්න. තමන් වෙනුවෙන් ඊයේත් කෑගැසූ චන්ද දායකයින්ව ඔවුන් පාවාදුන්නා!!! ඡන්දය දීමට නොපැමිණීමයි, විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමයි කියන්නේ සම්පුර්ණයෙන්ම අර්ථ දෙකක්...!!! මෙතැනදී සජිත් කලේ තමනුත් බේරී - රනිල් ඇතුළු ආණ්ඩුවත් බේරාගත්ත එකයි. රාජපක්ෂලාගේ අතේ තමයි සජිත්ගේ අනාගතය තිබෙන්නේ. ඒ වගේමයි එළිපිට කොයිතරම් කෑගැහුවත් සජිත්ට බැහැ රනිල්ගේ ගැටවලින් පැනලා සවාධිනව යමක් කරන්න. මෙතැනදී සමගි ජන බලවේගය අනාථ කලේ ඔවුන් පසුපස ගිය ඔවුන්ගේ ඡන්ද දායකයින්. ඔවුන් නැවත සජිත් සමග සිටියි කියා සිතන්න අමාරුයි. ඒ වගේම ඒ කැඩුණු කොටස් අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගයට සහය දක්වනවා...
සජිත් කියන්නේ පිරිසිදු චරිතයක් නොවන නිසාත් ඔහුගේ කණ්ඩායමත් ඔහු වගේම කුණු ගෑවුණු අය නිසාත් ඔවුන් මේ පනතට කෙලින්ම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න බයවෙන්න ඇති. ඔවුන්ගේ කුණු ෆයිල් රැසක් මිනීමරු බැංකු හොරුන්, සුනාමි හොරුන්, කොටි රත්තරන් හොරුන්, තජුදින් ඝාතකයින්, ගාව තිබෙනවා. ඒ නිසා තමයි සජිත් මේ ආසයි බයයි ක්‍රියාව කළේ...