
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අර්මුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සහ හයවැනි සමාලෝචනවලට විධායක කමිටු අනුමැතිය ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා අද මාර්ගගතව පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එහි වාරික ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ඒ අනුව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් ශක්තිමත් ප්‍රගතියක් අත් කරගෙන තිබෙන බවද ඔහු සඳහන් කළේය.
ඒ යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන මෙරට ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාව ඇතිකළ බවත් එය දිට්වා සුළි කුණාටුව සහ මැද අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලබාදුන් බවත් ඔහු පැවැසුවේය.
විධායක කමිටු අනුමැතිය ලැබීමට අවශ්‍යය එක් පූර්ව ක්‍රියාවක් වූ ඉන්ධන සහ විදුලිය සඳහා පිරිවැය ආවරණය වන මිල කරණයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය ලබාදෙන සහනාධාර මත පදනම්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත් වූ බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මැද පෙරදිග අර්බුදය මෙරට ආර්ථිකයට වර්ධනය වීමේ හැකියාව පහළ දමා තිබෙන බවත් එය මෙරට ආර්ථිකයට ආර්ථිකයට සෘණාත්මක බලපෑම් එල්ල කරන තිබෙන බවත් පැපජෝජියෝ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd