IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අයි.එම්.එෆ් ණය මුදල් පේන තෙක් මානෙක නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස මැද භාගය වන විට ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටියත් එසේ කාල සීමාවක් ප්‍රකාශයට පත් කිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇතැයි නිකෙයි ඒෂියා පුවත්පත වාර් තා කළේය.

ණය බරින් පීඩිත වී සිටින ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සිදුකරන සාකච්ඡා වල ප්‍රගතිය මත බොහෝ දේ රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

ණය සහන සාකච්ඡා ක්‍රියාවලියට කාලයක් ගතවන බැවින් මෙසේ කාලසීමාවක් අනුමානය කිරීම ඉතාමත් අපහසු කාර් යයක් බවත් ශ්‍රී ලංකාවට හැකි ඉක්මණින් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලුම පාර්ශ්ව කාර්යක්ෂමව, කඩිනමින් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහත්වරුන් නිකෙයි ඒෂියා පුවත්පතට පවසා තිබේ.  



අදහස් (4)

අයි.එම්.එෆ් ණය මුදල් පේන තෙක් මානෙක නෑ

ravin Thursday, 29 September 2022 03:15 PM

අපොයි ! අපොයි !! අපෙ අයියලා ටික මෙහෙ දත කට මැදගෙන බලාගෙන ඉන්නෙ පිල්ලි ගහන ක්‍රමවෙදයන් එක්ක. බැරිද අර බර කඩුව දාන කෙනාට කියන්න කඩුව මුවහත් කරලා දාන්න කියලා. එතකොට නිකම්ම නය දේවි. අයියලා ටික හිතාගෙන ඉන්නෙ මුලු ලෝකෙම ඉන්නෙ රට මොල්ලු කියලා. ෑන්ස්ලා තමයි පොරවල් කියලා.

:       1       0

Hafeel Thursday, 29 September 2022 03:36 PM

ත්‍රිපෝෂ අඩු පාඩු පැහිදිලි කලාට රජයේ සේවකයන්ට මාද්‍ය තහංචි දෙම්ම වගේ, ආණ්ඩුවට බැරිද IMF එකටත් තහංචි දාන්න? රනිල් ආවොත්, ජාත්‍යන්තර ආධාර ගලා එනවයි කියල. කෝ දැන්? මෛත්‍රීපාලට තිබුණු පිලිගැනමක් හෝ මේ රනිල්ට නැහැ නේ.

:       0       0

fairoos Thursday, 29 September 2022 05:30 PM

පොහොට්ටුවේ හොරුන් සහ රනිල් රාජපක්ෂ ඉන්නකන් ඕක කරන්න බැහැ. වහාම ඡන්දයක් තියන්න.

:       0       0

chandima Thursday, 29 September 2022 08:15 PM

එ කියන්නෙ වැඩි කල් නොගිහින් ආයෙත් කොල්ලො ජනාධිපති මන්ඩිරෙ පිහිනුම් තටාකෙන් නාන්නයයි වගෙ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site