
(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගන්නා ගමන් ජනතාව මත බර පටවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ රටේ වගකීම ඕනෑම වෙලාවක බාර ගැනීමට තමා සූදානම් බව පැවසූ විපක්ෂ නායකවරයා රට දිනෙන් දින අගාධයට යමින් සිටින බවද ප්‍රකාශ කළේය.
ණය වාරික දෙන්නේ ආණ්ඩුව විදුලි බිල තෙල් මිල වැඩි කළ නිසා බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන් යන්න...
රනිල් උන්නැහේ අටවපු අයි. එම්. එෆ් එකේ ණය ටික රෙදි ගලවාගෙන ගන්නවා ඇරෙන්න වෙන මොනවාද ඉතින් කෙරෙන්නේ?
පක්ෂයේ ඇතුලේ තියෙන ගැට ටිකවත් ලිහාගන්න බැරිව කයිවාරු නම් ගහයි.
අඩුම තරමේ IMF කියන ආයතනය මොනවද කරන්නේ කියලාවත් දැනගෙනද මේ වල්ගේ පාගගෙන කෑගහන්නේ..., ඒ මදිවාට ඕනෑම වෙලාවක රට භාරගන්න සූදානම්ලූ, ළදරු මනසට දැනෙන සතුට, පව් අප්පා, අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද..?
ඔහේට නම් මේ රට බාරදෙන්න සූදානම් නැහැ ඔහෙගේ පාක්ෂිකයින්ගෙන් භාගයක් වත්. මෙයා රට අගාධයට යනවා කිය කියා නාහෙන් අඬනවා... කොටස් වෙළඳපල වැඩිවෙලා, ඩොලරය ස්ථායි වෙලා, අපනයන ආදායම වැඩි වෙලා, වාහන ගෙන්වනවා, සංචාරකයෝ පැමිණීම වාර්තාගත ලෙස වැඩි වෙලා, වංචා දූෂණය අවම වෙලා, දූෂිතයින්ට දඬුවම් ලැබෙන බව පේනවා, රටේ නීතිය ස්ථාපිත වෙලා, වෙනදා වගේ ඇමැතිලා පාරවල් වල වාහන අරගෙන රඟන්නේ නැහැ. තව මොනවාද කියන්නේ, කරුණාකරලා ඔය අඬෝවැඩියාව නතර කරගන්න.
තමුන්නැහැලා එදා කිව්වේ අයි.එම්.එෆ් එක මේ රට දාලා යනවා, ඩොලරය නගිනවා අරවා මේවා නේද? කෝ එිවා වුණාද දැන් මේ ණය දෙන එක ගැන දොඩවන්නේ මොකක්ද? විදුලිය වියදමට හරියන විදියට මිල නියම කිරීමේ වරද කුමක්ද, තමුන්නැහැ පවුලේ බූදලෙන් දාලාද මිල අඩු කරන්නේ? මේ ඇඬියාව කුහකකමට මිසක් රටට ආදරේට කරන එකක් නෙවෙයි.
තමුන්නැහැලාට බලය ආවා නම් මේ සී අයිඩී පරීක්ෂණ වෙනවාද? හොර වාහන අල්ලනවාද? අවිධිමත් බඳවා ගැනීම් නතර කරනවාද? ඒක නොවෙන බව ස්ථීරයි, එිකයි හොරු අල්ලන එකට හොරු සමග සජබයත් කෝචොක් කරලා හෑල්ලු කරන්නේ. තමුන්නැහැලා ආවා නම් මේ වෙනස වෙන්නේ නැහැ, අරගොල්ලන් නතර කරපු තැන ඉඳන් කරන එක තමයි වෙන්නේ...
අමාරිස් අයියා මැරුණාට පස්සේ ඒ අඩුපාඩුව මකන්න පුතානෝ මාර ට්‍රයි එකක්නේ දෙන්නේ...!
අනේ අපි හරි බයෙං හිටියේ ඔබතුමා රට බාරගන්න බෑ කියයි කියලා...!
මේ පාලනය ශෙලරතන හාමුදුරුවන්ටවත් කරන්න පුළුවන් වීම පුදුමයක් නොවෙයි. අනුරට වඩා ඔහුට තේරුමක් තියෙනවා, ප්‍රායෝගික අදහසක් තියෙනවා. මෙතැන ඉන්න විහිළුකාරයෝ එක්ක සජිත් ගොඩාක් හොඳයි. වැඩකට නැති පාලනය පතෝල වගේ...
වයර් මාරුවෙලාද මන්දා?
ඉස්සර මට කෑල්ලක් හිටියා. ඒකී පස්සෙන් ආපු කොල්ලෙකුත් හිටියා. ඌ හැම වෙලේම ඒ කෙල්ලගේ පස්සෙන් ඇවිත් කියනවා" ඔයාගේ කොල්ලා කොයි වෙලේ හරි අත ඇරියොත් මං ඉන්නවා බලන් කියලා. ආයේ මටත් එක එක ඒවා කියනවා. සජිතුත් අන්න ඒ කොල්ලා වගේ...
ණය දුන්නාමත් බනිනවා, නොදුන්නත් බනිනවා, පරක්කු වුණත් බනිනවා... විකටයාට පක්ෂේ හදාගන්න බැහැ...
තමුන් වගේ කිසිම දෙයක් හරියට කරගන්න බැරි විපක්ෂ නායකයෙක් ඔය දැක්කාමයි. පක්ෂයේ ඉන්න අයත් යන්න ගියේ නිකම්ද?
තමුන්නාන්සේ වගේ කුහකයෙක්ට නම් මේ රටේ මිනිස්සු කිසි දවසක බලයක් දෙන්නේ නෑ. තමුන්නාන්සේ බලය ගන්න බය කෙනෙක් බවත් රටේ ජනතාව තේරුම් අරන් ඉන්නේ. තමුන්නාන්සේ ජනතාවගේ විපක්ෂ නායක නොවෙයි ආණ්ඩුවේ විපක්ෂ නායක. තමුන්නාන්සේට මේ ආණ්ඩුව හරිම කැමැතියි.