
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීමට අනුමත වූ ණය වසර 4 ක කාලයක් තුළ වාරික 8 කින් ලැබීමට නියමිත අතර ප්‍රථම වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක මුදලක් ක්ෂණිකව මුදා හැරෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත.
විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනේ අරමුණ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය නැවත ඇති කිරීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව ණය තිරසරභාවය ඇති වන පරිදි ණය ප්‍රතිවුහගත කිරීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ මෙරට ණය හිමියන් අතර සමීප සහයෝගිතාවයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලැබෙන මුදල් දේශපාලුවන්ගෙන් බේරාගනිමු