
(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම පිළිබඳ කිසිදු කරුණක් ජනතාවට වසන් කිරීමේ උවමනාවක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඊට අදාළ ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව ඒ සම්බන්ධ සියලු කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
කවුරුන් හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව අත්සන් කරන ගිවිසුමේ ඇති කොන්දේසිවලට විරුද්ධ ඒ වෙනුවට කළ හැක්කේ කුමන්දැයි තනි තනි දේශපාලන පක්ෂය දරණ මතය පාර්ලිමේන්තුවේ සටහන් කරලා තැබීම වැදගත් බව කී ඇමතිවරයා එවැනි ඡන්ද විමසීමක් කළත් වැදගත් යැයි තමන් පුද්ගලිකව සිතන බව ද කීවේය.
ශ්‍රී ලංකාව මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රවටා ඇතැයි කී බන්දුල ගුණවර්ධන මහතා එම අවස්ථාවල එකඟ වූ කොන්දේසි ඉන්පසු ඉටුකර නොමැති බවත්, මෙවර එසේ වුවහොත් රට මීට වඩා දරුණු අගාධයකට පත්වන බව ද පැවසීය.
එබැවින් මෙම අවස්ථාවේදී දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව රට පිළිබඳ ජාතික එකඟතාවයක් ඇති කරගැනීම වැදගත් යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේසපාලුවෝ කවද්ද ජනතාවට ඇත්තක් කිව්වේ? බොරු බේගල් ගහලා,නයා පෙන්නලා ජනතාව අන්දවපු එකනේ කෙරුවේ ?
ගිවිසුම හංගන්න එපා. අපි එකඟයි. හැබැයි හොරු ටික හැංගුණොත් නරකද? නැතිනම් අයි.එම්.එෆ් එක්ක එකතුවෙලා එලවන්නද?
මේ යෝදයා දන්නා මල කෙහෙම්මලක් නැහැ. බොරුවට ආර්ථික ඔස්තාර් කෙනෙක් වගේ පෙන්නාගෙන නිකම් පච කෙලකෙල ඉන්න හදන හොරෙක්.
බන්දුල මහත්තයෝ ඔයා නිකන් කටපියාගෙන ඉන්නවද. මොනවද ඔබතුමා දාන්නේ කියන්නකෝ. ඔබතුමා දන්නෙත් නෑ පාලකයෝ ගන්න තීරණ, පාලකයෝ කරන්නේ මොනවද කියලා දන්නෙත් නෑ. ඔහේ පච කෙල, කෙල ඉන්නවා. තව පොඩි කාලයක් ඔහොම යමු. ඇත්ත කියන්න ඔබතුමාටවත් අයි.එම්.එෆ් ගිවිසුම ගැන තොරතුරු දීලා නැහැනේ.