
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද එවැන්නක් සිදු කිරීමට යාමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිව නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, චීන එක්සිම් බැංකුව සහ තවත් රටවල් 17ක් සමඟ ගිවිසුම්ගතව ලබාගත හැකි සියලු සහන ලබාගෙන ඇති බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති හමුවේදීය.
"දේශයේ අනාගතය ගොඩනැංවීම" යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම හමුවේ ප්‍රධාන දේශනය මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් සිදු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාකච්ඡා කරහම ආර්ථිකේ වැටෙනවා කියලා ඇහුවමයි. මාරයි නේද?
ඔබ ඒ ගැන කරදර විය යුතු නැත. ඔබ 2015 දී මහ බැංකුව පිරිසිදු කළා
මහ බැංකුව කොල්ලකෑමෙන් පසු ආර්ථිකය ගැන කතා කරන ආර්ථික ව්‍යසනය
මේ මිනිහට මොලේ අවුල් වෙලා වගේ
මට සහ අපිට විතරමයි කරන්‍න පුලුවන් , අපට විතරයි ඉංග්‍රීසි පුලුවන් , අපට විතරමයි ජාත්‍යන්තරය සලකන්නෙ, අපි විතරයි ජාත්‍යන්තරය දන්නෙ, එහෙමයි මෙතුමත් එයාගෙ කණ්ඩායමත් බංකලොත් ලොම් හැලිච්ච පොහොට්ටු සෙට් එකත් වජිරත් එයාගෙ සෙට් එකත් හිතාගෙන ඉන්නෙ. අපිට ඕක පිළිගන්න තිබුනා ඔය කියන හැකියාවෙන් හරියට වැඩක් ගත්තා නම්. කලේ ණය ගැනීමත් තිබුන දෙයක් විකිනීමත්, තමන්ගෙ ගෝල බාලයන්ට හම්බ කරගන්න ඉඩ දීමත් විතරයි. ඒක දැන් හුඟ දෙනෙකුට වැටහිලා, මේ පාර ඔය සියල්ල වෙනස් වෙයි.
වෙනත් ආණ්ඩුවකින් අයිඑම්එ‍්ෆ් සමඟ සාකච්ඡා කලොත් ආර්ථිකය වැටෙනවා කියලා රනිල් දැන්ම කියන්නේ කොහොමද? පේනයක්වත් බැලුවද ?
මෙයා අපිව බව කරලා ඡන්දේ ගන්න වගේ හදන්නේ
ඔයා බය වෙන්න එපා සීයේ. අපි ඒක ළඟදීම IMF අහලා ඔයාටම පෙන්නන්නම් ඕවා බොරු මනස්ගාත කතා කියලා...!
හිඟාකාලා පුරුද්ද ඇරුණාම වෙනත් විකල්පයක් නැහැ. ජනතාව මුලා කරනවා ඡන්ද ගන්න.
කාටවත් බැරිද මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න...? මේ කරන්නේ තර්ජනය කිරීම හා බියවැද්දීම...
ඇයි අයි එම් එfප් එකටත් කෑල්ලක් දෙන්න පොරොන්දු වෙලාද? සාකච්ඡා කරනවාට ඔය තරම් බය...?
රනිල් කැමති නැහැ IMF එකට පාඩු වෙනවාට, මේ මනුස්සයා ඒකේ ඒජන්ත කෙනෙක් වගේ හැසිරෙන්නේ...!
මෙයාට ඇති ආර්ථික දැක්මක් නැහැ... දන්නේ හිඟා කන්න විතරයි...!