IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අයි.එම්.එෆ් ගැන නවතම වාර්තාව එළියට

(විමුක්ති එස් රුද්‍රිගු)

අගෝස්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ඉටුකළ යුතු කැපවීම් 57 න් ඉටුකර ඇත්තේ 38 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. පසුගිය මාසය අවසන් වන විට කැපවීම් 38 ක් ශ්‍රී ලංකාව ඉටුකර ඇතත් මූල්‍ය විනිවිදභාවය ප්‍රදර්ශනය කිරීම සඳහා වන මාර්ග ගත වේදිකාවක් පිහිටුවීම යන ප්‍රධාන කැපවීමක් ශ්‍රී ලංකාව තවමත් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත් එය ඉටුකළ යුතුව තිබුණේ පසුගිය මාර්තු මාසය අවසානයේ බවත්  වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ඉටුකළ යුතු කැපවීම් වල ප්‍රගතිය මැනීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය හඳුන්වා දුන් අයි.එම්.එෆ්  මීටරයට අගෝස්තු මස අවසන් වන විට ඉටු කළ යුතුව තිබූ කැපවීම් 11 ක ප්‍රගතිය මැනීම සඳහා ප්‍රමාණවත් දත්ත නොතිබීම හේතුවෙන් එම කැපවීම් 11 නොදනී කාණ්ඩයට ඇතුළත් කර තිබෙන බවත් එසේම අගෝස්තු මස අවසන් වන විට ඉටුකළ යුතුව තිබූ තවත් කැපවීම් 8 ක් ශ්‍රී ලංකාව ඉටුකර නොමැති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ දෙවන ණය වාරිකයට අනුමැතිය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මෙම සතියේ ශ්‍රී ලංකාවට පැමිණියත් දෙවන ණය වාරිකය සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලැබීම ඔක්තෝබර් මස අවසානය තෙක් පමා වෙනු ඇතැයි අපේක්ෂා කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

මෙම සමාලෝචනයේදී බොහෝ දුරට ජූනි මස අවසන් වන විට ඉටු කළ යුතු කැපවීම් කෙරෙහි අවධානය යොමු වීමට ඉඩක් තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.

 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ඉටුකළ යුතු සම්පූර්ණ කැපවීම් 100 ක ප්‍රගතිය මැන බැලීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය  අයි.එම්.එෆ් මීටරය හඳුන්වා දී තිබේ.එම සම්පූර්ණ කැපවීම් 100 න් 57 ක් අගෝස්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව ඉටු කළ යුතුව තිබී ඇත.



අදහස් (2)

අයි.එම්.එෆ් ගැන නවතම වාර්තාව එළියට

Lashintha Thursday, 14 September 2023 04:54 PM

මූල්‍ය විනිවිද භාවය කාට පේන්නද? ලංකාවේ ගොඩක් දෙනෙකුට ඒවා අදාල නෑ... පාර්ලිමේන්තුවේ 225 1 න් කී දෙනෙක් සහාය දෙයිද..?

:       2       5

pakeer Friday, 15 September 2023 09:13 AM

ඕනෙම එක නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site