IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයි.එම්.එෆ් අවසන් සාකච්ඡා 20 වැනි දා

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකා ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මස පළමු වැනිදා ඇති කරගත් මූලික කාර්ය මණ්ඩල ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා එළඹෙන මාර්තු 20 වැනිදා විධායක කමිටුව රැස්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පවසා ඇත.

එහිදී ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරත්තු වන බව ආර්ථික විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත.

විධායක කමිටුවේ න්‍යාය පත්‍රයට එහි සාමාජිකයන් අයිතම එකතු කරනු ලබන්නේ ඒ පිළිබඳ ක්‍රියා කිරීමට සුදානම් වූ පසුව පමණක් බව ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව තම සියලුම ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගෙන අවසන් බවත් ඒ හේතුවෙන් කාර්ය මණ්ඩල ගිවිසුම විධායක කමිටුව වෙත සමාලෝචනය කිරීම සඳහා ඉදිරිපත් කරන බවත් ශ්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කර තිබේ.

චීනය ශක්තිමත් මූල්‍ය සහතිකයක් ලිඛිතව  ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

විධායක කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් ණය හිමියන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ශක්තියක් වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

 



අදහස් (1)

අයි.එම්.එෆ් අවසන් සාකච්ඡා 20 වැනි දා

sena Wednesday, 08 March 2023 10:20 AM

ඉතින් මෙ නය ගෙවන්නෙ කොහොමද - නයට අරන් කන්ඩ ලැබිම සතුටට කාරනයකද?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site