(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළු පැහැති ඇඳුමින් සැරසි කළු පැහැති රෙදි වලින් මුහුණ වසාගෙන අතුරුගිරිය බොරළුගොඩ පාර දෙමහල් නිවසකට කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කල්ලියක් නිවැසි අඹුසැමි යුවළට තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා රන් ආභරණ තොගයක් කොල්ල කා පලා ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.
කොල්ලකෑ රන් භාණ්ඩ අතර පවුම් 13 බර රන් වළලු අටක්, රන් මුදුවක් හා දියමන්ති ගලක් අල්ලන ලද රන් මුදුවක් වන බව පොලිසිය සඳහන් කරයි.
එම කොල්ලකරුවන් පිරිස රාත්‍රී 10.30 ට පමණ නිවසේ ඉහළ මාලයේ නිදන කාමරයේ දොර කඩාගෙන ඇතුළු වී ඇදෙහි නිදා සිටි අඹු සැමි යුවළට කිනික්සක් සහ මන්න පිහියක් පෙන්නා බියවද්දා ඔවුන් දෙදෙනා පැළඳ සිටි රන් ආබරන හා ජංගම දුරකථනයද කොල්ලකා පහත මාලට ගොස් තැටියක දමා තිබූ සිල්ලර කාසි පුටුවේ කුෂන් එකේ කවරය ගලවා ඒ තුළට දමාගෙන පලා ගිය බව පැමිණිල්ලේ සඳහන්ය.
කොල්ලකරුවන් නිවසේ පහත මහලේ මුළුතැන් ගේ ජනේලයේ අගුල කඩා නිවස තුළට ඇතුළු වී ඇති බවට පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත
අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd