
(යොහාන් භාසුර)
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ඉදිකළ, ඓතිහාසික වශයෙන් විශාල වටිනාකමක් සහිත අඹේපුස්ස දුම්රිය ස්ථානයේ ගරා වැටෙමින් පවතින පැරණි දුම්රිය ස්ථාන ගොඩනැගිලි ඇතුලු පරිශ්‍රය කඩිනමින් සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අඹේපුස්ස දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයකට එක් වෙමින් මෙම අදහස් පළ කළ අමාත්‍යවරයා ඒ ආසන්නයේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගල් වැඩපොල ද නිරීක්ෂණය කළේය.
එම අවස්ථාවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් එම ප්‍රදේශයේ ඉඩම්වල අනවසරයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව පදිංචිව සිටින නිවාස ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
ගල් කැඩීම සහ පිපිරවීම සිදු කෙරෙන මෙම වැඩබිම අවට ඉතාමත් අවදානම් සහ අනාරක්ෂිතව ජීවත්වන මෙම පිරිස් එම ස්ථානයෙන් ඉවත් යුතු බැවින් එම ජනතාවට ඒ ආසන්න ඉඩම් තාවකාලිකව බදු පදනම යටතේ ලබාදීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව ද අමාත්‍යවරයා නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෙස සවාරි යාම ඇමතිවරු කල යුතු වැඩද? නිලධාරීන්ට මේවා කරන්න බැරිද? ඉන්ධන වියදම කොපමනද? ඇමතිවරුන්ට කලයුතු වෙනත් වැඩ නැද්ද? සුළු රැකියා කරන අපට දවස මදි වැඩ ටික කරගන්න. 2-3 වෙනවා දවල්ට කන්න.
පුස්ස...!
කිරි අප්පට ඇමතියා මොඩ් වෙලා.