(උපාලි ආනන්ද)
අඔන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයාට අමානුෂික ලෙස තියුණු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් කර සිටින සැකකරුවන් තිදෙනා අතරින්  සැකකරුවෝ දෙදෙනෙක්  සාක්සිකරුවකු විසින් විවෘත අධිකරණයේදී හදුනා හදුනා ගනු ලැබූහ.
ඒ මෙම සිද්ධියට අදාල නඩුව  මහව ප්‍රධාන මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා ඉදිරියේදී යළි කැදවූ අවස්ථාවේ පැවති හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදීය ගල්ගමුව දිවුල්වැව‍ෙ හෝටල්  කළමනාකාරුවෙක් මෙලෙස හදුනා ගත්තේය. 

ජේ කේ ටෙක්සි ඩෙනිස් සහ තුන් වන  සැකකරු වන සමිත් ඉදුරංග  යන සැකකරුවන් මෙසේ හඳුනා ගෙන ඇත.
තවත් සාක්සිකරුවෙක ලෙස නම් කර සිටි ගල්ගමුව මහගල්කඩවල තුරුවදුල හෝටලයේ කළමනාකරුට  කිසිදු සැකකරුවකු  පෙරෙටිටුවේදී හදුනා ගැනීමට නොහැකි විය.

ග්‍රාම නිලධාරි ඝාතනයට පෙර සැකකරුවන් මෙම තුරුවදුල හෝටලයේද නවාතැන් ගෙන සිට ඇති  බට පොලිස් විමර්ශවලදී තහවුරු කර ගෙන ඇත. එහෙත් එහි කළමනාකරුට පෙරෙට්ටුවේදී සැකකරුවන් හදුනා ගැනීමට මෙලෙස නොහැකි විය
හදුනා ගැනීමේ පෙරෙට්ටුවෙන් අනතුරුව සියලු සැකකරුවන් මේ මස 26 වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා නඩු භාණ්ඩ ලෙස නම් කර තිබූ ග්‍රාම නිලධාරිවරයා  ඝාතනයට ලක්වන අවස්ථාවේ ඔහු සතුව තිබූ බෑගය  ජායා රූප ලබා ගෙන ඉන් අනතුරුව රුපියල් ලක්ෂයක බැදුම්කරයක් මත ග්‍රාම නිලධාරිවරයාගේ  බිරිය වන අයි එම් කාන්ති විජේකුමාරි මහත්මියට මුදා හරින ලෙසට අඔන්පොල පොලිසියට නියෝග කළේය.

ග්‍රාම නිලධාරිවරයා ඝාතනය වන අවස්ථාවේ ඔහු සතුව තිබූ ග්‍රාම නිලධාරි නිල මුද්‍රාව සහ තීන්ත පෑඩ් එකද ජායා රූප ලබා ගැනීමෙන් පසුව අඔන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිවරයාට රුපියල් ලක්ෂයක බැදුම්කරයක් මත මුදා හරින ලෙසටද පොලිසියට තවදුටරත් නියෝග කෙරිණ