(යොහාන් භාසුර)
මුල්ලේරියාව, අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ඉදිකළ නව ඉන්ධන පිරවුම්හල නීතියට පටහැනි වීම නිසා එහි කටයුතු අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය.
අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පැරණ ඉන්ධන පිරවුම්හලත් එම නව ඉන්ධන පිරවුම්හලත් අතර මීටර 400 ක පමණක් දුරක් පමණක් ඇති බවත් එම දුරටත් ප්‍රමාණය ඉන්ධන පිරවුම්හල් දෙකක් අතර සම්මත දුර ප්‍රමාණයට වඩා අඩු බවත් එම සංගමය කියයි.
ඒ අනුව අදාල නව ඉන්ධන පිරවුම්හලට එරෙහිව පැරණි පිරවුම්හලේ හිමිකරු අධිකරණයේ පිහිට පැතීමත් සමඟ මෙම ඵෙතිහාසික තීන්දුව ලැබුණු බව ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කළුතර දකුනේ මීටර් 100කටත් වඩා අඩු පරතරයක තියෙන්නේ පිරවුම් හල් දෙකක්...!