IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අඹගස්වැව වඳපීදුණු ගොයමට ගිනි තබයි

(චාපා මධුභාෂිණි)

මැදිරගිරි මහ අඹගස්වැව යාය නවය එකමුතුගම ප්‍රදේශයේ කාබනික සහ දියර පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 200 පමණක් පමණ ගොයම ගොවින්  විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය.

එකමුතුගම  සමගි වැව සහ දිමුතු වැව යොජානා ක්‍රමය යටතේ වගා කළ ගොවි පවුල් 150ක පමණ පිරිසක් මෙවර කුඹුරු අක්කර 200කට ආසන්න පිරිසක් වගා කර ඇත.

ගොයමට මාස තුන හමාරක් පමණ කාලයක් ගත වුවත් එක් ගොයම් ගසක වී ඇට දෙක තුනකට වඩා නැතැයි ද ගොවීහු පවසති.

අක්කරයකින් වී ගෝනි දෙකක්වත් ලබාගත නොහැකි බව ද ගොවීහු පවසති. 

මෙවර වගාවන් සඳහා අවශ්‍ය වතුර ප්‍රමාණය ලැබුණු පොහොර නොමැති වීම නිසා මෙම ගොයම අසාර්ථක වූ බව ද ගොවීහු චෝදනා කරති.

තම වගාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නිලධාරීන් කොපමණ දැනුවත් කළත් ඒ සම්බන්ධයෙන් සොයා බලන්න නොඑන බව ද ගොවීහු පවසති.

මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය ගොවිජන සංවර්ධ නිලධාරී යූ.ජි.සී.ජී. උඩගමගේ මහතගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය.

කාබනික පොහොර සහ දියර පොහොර යොදා වගා කළ කඹුරු සියයට 100යක්ම අසාර්ථක වි තිබෙනවා. වැඩිමිලට පොහොර හොයාගෙන වගා කුඹුරු පමණක් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. අසාර්ථක වූ කුඹුරු සහ එහි අයිතිකරුවන් සම්බන්ධයෙන් තොරතුරු කෘ.ප.නි.ස නිලධාරීන් මාර්ගයෙන් එකතුකර බලධාරිනට යොමු කර වන්දි ලබාදීමට කටයුතු කරනවා.



අදහස් (13)

අඹගස්වැව වඳපීදුණු ගොයමට ගිනි තබයි

මහජනතාව Friday, 28 January 2022 08:03 PM

අනුවණ මිනිස්සු... නිකම්ම පාළුවෙන්න අතහැරියා නම් කුරුල්ලෙක්වත් බඩ කට පුරවා ගන්නවනේ...!

:       123       38

යෝගා Friday, 28 January 2022 08:31 PM

පොළොන්නරුවේ ගොවීන් එක එක්කෙනාගේ ලණු කාලා මුලදීම වැඩ වරද්දා ගත්තා. අනිත් පළාත්වල මේ වගේ කාලකන්නි තත්ත්වයක් නෑ..

:       18       141

AkilaSaturday, 29 January 2022 11:56 AM

අනිත් පළාත් ඔයා දැක්කාද? අඩුම ගානේ ආණ්ඩුවේ හිතවත් tv චැනල් වලටවත් සැබෑ තත්වය හංගන්න බැරිව දැන් අකමැත්තෙන් වුණත් ඇත්ත පෙන්වනවා. ඒවාවත් බලන්න.

:       33       10

Pradeep Kumara Friday, 28 January 2022 10:07 PM

මේත් සමග ගිනි ගන්නේ මේ අහිංසකයින්ගේ බලාපොරොත්තු... ඔවුන්ව මේ තත්වයට පත්කළ අයට කුමක් නම් කළයුතුද...?

:       3       15

Jayasekara Saturday, 29 January 2022 07:57 AM

වී ටික ඉහළ ගිහින් ගොයම් කපන්න විතරක් කුඹුරට ආවම ඔහොම නොවී තියෙයිද? මේ සැරේ උද්ඝෝෂණය කර කර හිටියා මිසක් වගාව හරියට කරේ නෑනේ... පොඩ්ඩක් හොයලා බලපල්ලා යාපනේ අයට අස්වැන්න සරු වෙන්නයි, නුඹලට නොලැබෙන්නයි හේතුව... සිංහලයාගේ කම්මැලිකම නිසා තමයි මේ සේරම...

:       17       75

සමන්ත Saturday, 29 January 2022 08:28 AM

අක්කර දෙසීයක් ගිනිතිබ්බට පස්සේ පින්තූර දැම්මා නම් තමයි හොද. ගිනි තිබ්බට පස්සේ පිංතූර දාලා නැත්තේ අක්කර 200 ගිනිතියලා නැති හින්දා වෙන්න ඇති. අනිත් පැතිවල කුඹුරු හොඳට තියෙනවා, ඒ මිනිස්සු මෙහෙම අඬන්නේ නැහැ.

:       9       60

uk ran Saturday, 29 January 2022 09:00 AM

සමස්තලංකා ගොවිජන සම්මේලනය කියා කියාගන්න ජවිපය නිසා හරක් වැඩ කරලා දැන් තමාටම නේද පාඩුව...? එදා 88/89 ඕකුන් කළේ රටේ වටිනා දේ ගිනිතියපු එක විතරයි. කාලකණ්ණි..!

:       11       57

hesaSunday, 30 January 2022 11:51 PM

මොනයම් තැනක විනාශයක් වේද, ඒ කෲර ක්‍රියා සංවිධානය කරන්නේ පිටුපසින්, එදා සිටම රටේ විනාශයම පතන අසමජ්ජාති පිරිසකගේ වැඩ..

:       0       1

BamunuarachchiTuesday, 01 February 2022 08:24 AM

ගොයමට ගිනිතියන කොට කැමරා කාරයට කතා කලේ ජෙප්පොද? කාව රවටන්නද මේවා කොරන්නේ . මුළු ගොයමම ගිනි ගන්න පොටෝ එකක් දාන්නකෝ. ඔය පිදුරු ටිකක් ගිනිතියා පෙන්වන්නේ නැතුව. 1989 කාලේ කාලකන්නි ජෙප්පෝ රටම ගිනි තිබ්බා. ගොයමට ගිනිතියන එක මහදෙයක් නොවෙයි ජෙප්පන්ට.

:       0       0

JAYATH Saturday, 29 January 2022 11:11 AM

මී ගවයෙකුට තරම්වත් මොලයක් නැති මහ එවුන් රට පාලනය කරනකොට, අමන මරි මෝඩ තීන්දු ගන්නකොට ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ ජනතාවට. එකයි හරි නම් ගිනිතියන්න ඕනෑ.. ගොයම් ටික නෙමෙයි, මේ කාලකන්නි ටික..

:       46       19

menna Saturday, 29 January 2022 04:27 PM

මේක පිළිගන්න බැහැ. කට්ටියක් රසායනික පොහොර නැතුව හොඳට වගා කරන්නයි, කට්ටියකට වැරදෙන්නයි. හොරොව්පතාන ඔලුගස්කඩ අක්කර 130ක් රසායනික පොහොර නැතුව හොඳ අස්වැන්නක් හදලා තියෙනවා. එසේ නැත්නම් මේ පින්තූර බොරුවක්...

:       7       13

fairoos Sunday, 30 January 2022 05:23 PM

කෘෂිකර්මාන්තය නැතිකරලා, රට වනසපු කෘෂි ඇමැති තාමත් හොඳින් ඉන්නවා. මේ අපරාධයට සොබාදහමින් දඬුවම් නම් අනිවාර්යයි.

:       1       4

BamunuarachchiTuesday, 01 February 2022 08:26 AM

ඇයි දැන් අල්ලා නොවෙයිද දඬුවම් දෙන්නේ සොබාදහමද? අල්ලා ැන්සෝන් ගිහිල්ලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site