
(චාපා මධුභාෂිණි)
මැදිරගිරි මහ අඹගස්වැව යාය නවය එකමුතුගම ප්‍රදේශයේ කාබනික සහ දියර පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 200 පමණක් පමණ ගොයම ගොවින් විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය.
එකමුතුගම සමගි වැව සහ දිමුතු වැව යොජානා ක්‍රමය යටතේ වගා කළ ගොවි පවුල් 150ක පමණ පිරිසක් මෙවර කුඹුරු අක්කර 200කට ආසන්න පිරිසක් වගා කර ඇත.
ගොයමට මාස තුන හමාරක් පමණ කාලයක් ගත වුවත් එක් ගොයම් ගසක වී ඇට දෙක තුනකට වඩා නැතැයි ද ගොවීහු පවසති.
අක්කරයකින් වී ගෝනි දෙකක්වත් ලබාගත නොහැකි බව ද ගොවීහු පවසති.
මෙවර වගාවන් සඳහා අවශ්‍ය වතුර ප්‍රමාණය ලැබුණු පොහොර නොමැති වීම නිසා මෙම ගොයම අසාර්ථක වූ බව ද ගොවීහු චෝදනා කරති.
තම වගාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නිලධාරීන් කොපමණ දැනුවත් කළත් ඒ සම්බන්ධයෙන් සොයා බලන්න නොඑන බව ද ගොවීහු පවසති.
මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය ගොවිජන සංවර්ධ නිලධාරී යූ.ජි.සී.ජී. උඩගමගේ මහතගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය.
කාබනික පොහොර සහ දියර පොහොර යොදා වගා කළ කඹුරු සියයට 100යක්ම අසාර්ථක වි තිබෙනවා. වැඩිමිලට පොහොර හොයාගෙන වගා කුඹුරු පමණක් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. අසාර්ථක වූ කුඹුරු සහ එහි අයිතිකරුවන් සම්බන්ධයෙන් තොරතුරු කෘ.ප.නි.ස නිලධාරීන් මාර්ගයෙන් එකතුකර බලධාරිනට යොමු කර වන්දි ලබාදීමට කටයුතු කරනවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුවණ මිනිස්සු... නිකම්ම පාළුවෙන්න අතහැරියා නම් කුරුල්ලෙක්වත් බඩ කට පුරවා ගන්නවනේ...!
පොළොන්නරුවේ ගොවීන් එක එක්කෙනාගේ ලණු කාලා මුලදීම වැඩ වරද්දා ගත්තා. අනිත් පළාත්වල මේ වගේ කාලකන්නි තත්ත්වයක් නෑ..
මේත් සමග ගිනි ගන්නේ මේ අහිංසකයින්ගේ බලාපොරොත්තු... ඔවුන්ව මේ තත්වයට පත්කළ අයට කුමක් නම් කළයුතුද...?
වී ටික ඉහළ ගිහින් ගොයම් කපන්න විතරක් කුඹුරට ආවම ඔහොම නොවී තියෙයිද? මේ සැරේ උද්ඝෝෂණය කර කර හිටියා මිසක් වගාව හරියට කරේ නෑනේ... පොඩ්ඩක් හොයලා බලපල්ලා යාපනේ අයට අස්වැන්න සරු වෙන්නයි, නුඹලට නොලැබෙන්නයි හේතුව... සිංහලයාගේ කම්මැලිකම නිසා තමයි මේ සේරම...
අක්කර දෙසීයක් ගිනිතිබ්බට පස්සේ පින්තූර දැම්මා නම් තමයි හොද. ගිනි තිබ්බට පස්සේ පිංතූර දාලා නැත්තේ අක්කර 200 ගිනිතියලා නැති හින්දා වෙන්න ඇති. අනිත් පැතිවල කුඹුරු හොඳට තියෙනවා, ඒ මිනිස්සු මෙහෙම අඬන්නේ නැහැ.
සමස්තලංකා ගොවිජන සම්මේලනය කියා කියාගන්න ජවිපය නිසා හරක් වැඩ කරලා දැන් තමාටම නේද පාඩුව...? එදා 88/89 ඕකුන් කළේ රටේ වටිනා දේ ගිනිතියපු එක විතරයි. කාලකණ්ණි..!
මී ගවයෙකුට තරම්වත් මොලයක් නැති මහ එවුන් රට පාලනය කරනකොට, අමන මරි මෝඩ තීන්දු ගන්නකොට ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ ජනතාවට. එකයි හරි නම් ගිනිතියන්න ඕනෑ.. ගොයම් ටික නෙමෙයි, මේ කාලකන්නි ටික..
මේක පිළිගන්න බැහැ. කට්ටියක් රසායනික පොහොර නැතුව හොඳට වගා කරන්නයි, කට්ටියකට වැරදෙන්නයි. හොරොව්පතාන ඔලුගස්කඩ අක්කර 130ක් රසායනික පොහොර නැතුව හොඳ අස්වැන්නක් හදලා තියෙනවා. එසේ නැත්නම් මේ පින්තූර බොරුවක්...
කෘෂිකර්මාන්තය නැතිකරලා, රට වනසපු කෘෂි ඇමැති තාමත් හොඳින් ඉන්නවා. මේ අපරාධයට සොබාදහමින් දඬුවම් නම් අනිවාර්යයි.