
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (11)පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කෙරිණි.
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මාර්තු 10 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
අක්තපත්‍ර ප්‍රදානෝත්සවය වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සියලු අනුග්‍රහය නොපිරිහෙළා ලබා දෙන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ආගමකට රාජ්‍ය අනුග්‍රහය නොදිය යුතුයි. ඔය යට කරන සල්ලි අධ්‍යාපනයට, සෞඛ්‍යයට වියදම් කරන්න ඇයි බැරි? එකයි චීනය ඇතුළු නැගෙනහිර ආසියානු රටවල් දියුණු වෙච්ච රහස.