(රොෂාන් දිලිප් කුමාර)
හම්බන්තොට,මයුරපුර ප්‍රදේශයේ නිවසකට කඩා වැඳුණු මැර පිරිසක් එහි පදිංචිව සිටි මවට පහර දී දරු දෙදෙනා සමග ඇය එලියට ඇද දමා නිවෙස කඩා බිඳ විනාශ කර ඇතැයි හම්බන්තොට වරාය පොලිසිය කියයි.
පනස් දෙනකුට අධික මැරයන් පිරිසක් නිවෙසට කඩා වැදී පහරදී දරුවන් දෙදෙනා සමග තමා එළියට ඇද දමා නිවෙස කඩා බිඳ දැමූ බව පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
කුඩා නිවසක් සදාගත් එම ඉඩම වෙනත් පාර්ශවයකට අයත් බව පවසමින් එම ඉඩමෙන් ඉවත්වෙන ලෙස අවස්ථා කීපයකදී බලපෑම් කර ඇති බවද ඒ සම්බන්දව අම්බලන්තොට පොලිසිය විමර්ශන සිදු කොට ඉඩම් ගැටලුව නිරාකරණය කිරීම සදහා මයුරපුර මහවැලි අධිකාරී කාර්යාලයටද යොමු කර ඇත.
සංචරණ සීමා ලිහිල් කෙරුණු පසු ඉඩම් ගැටලුව නිරාකරණය කර දෙන බවට මහවැලි කාර්යාලය දෙපාර්ශවයටම දැනුම් දී තිබියදී තර්ජනය කර,පහරදී නිවස කඩා දැමීමේ සිද්දිය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිස් ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම සාධාරණය ඉටුකරන්න.හරි වරද නොදනී.නමුත් කරා තියන වැඩේ අන්තිම ජරා පහත් වැඩක්
මොනතරම් පහත් කාලකණ්නි ජාතියක්ද මේ? ශිෂ්ඨ සම්පන්න කියන, සංස්කෘතිය ගැන කතා කරන, බොරු පුරාජේරු කියවන්න දක්ෂ මේ ලෝකයෙන් වඳවෙලා යා යුතුම අමන, පහත් ජාතියක් තමයි ලංකාවේ ඉන්නේ... කොහොම වුණත් මේ අහිංසක මිනිසුන්ට සාධාරණ ඉටුකර දෙන්න...
50 දෙනෙක් ඇවිත් කරපු ලොකුකමක්... ඒ සමාජයේම හැටි හිතාගන්න පුළුවන්... බලමු පොලිසිය අතට ගන්නේ මොන නීති පොතද කියලා...
කොරෝනා, නුඹ මෙවන් මිනිසුන් සිටින රටකට නොපැමිණියේ නම් පුදුම විය යුතුයි.
නුවර එළියේත් මේ සෙල්ලම දොඩම්පේලා ජයටම කරනවා...!!!
පින්තූර ටික බලනකොට පපුව පත්තු වෙලා ගියා. මගේ පුතාත් ඒ කොලු පැංචාගේම වයසේ වගේ... අනේ ඉතින් මේ අසරණයාට කාගේ පිහිටක්ද?
සෙල්ලම් පිස්තෝලකාරයින් වෙනුවට දැන් අලුත් පිරිසක් ඇවිල්ලා වගේ... මේ අය සෞභාග්‍යයේ දැක්මේ කට්ටිය වෙන්න බැරිද? නිල් බලකාය වෙන්නත් පුළුවන්...!!!
මොන අමන ක්‍රියාවක්ද? මේ වසංගතයක් හැදිලා මිනිසුන් මැරී වැටෙන කාලයක කරන්න පුලුවන් වැඩක්ද මේ? අර පොඩි දරුවන් ගැනවත් හිතලද අඩුතරමින්... පුදුම කලකන්නි ජාතියක් මේක.... මේ වගේ මහපොළව නුහුලන අපරාධ කරන අයට දඬුවමක් නැද්ද?
මේවා ගැන ගත්ත ක්‍රියාමාර්ග ගැනත් දැනුවත් කරන්න. එතකොට රටේ ජනතාව දන්නවා මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද කියලා...