
(ඩයනා උදයංගනී සහ සුසිල් ප්‍රියන්ත)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අධිනීතීඥ බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි කුරුකුලරත්න මහතා මියයන විට 78 හැවිරිදි වියේ පසුවිය.
ඔහු තිදරු පියෙකි.
ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවරයකු ලෙස 1989 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු 1994 වසර දක්වා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
ඔහු එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයකු ලෙස ද කටයුතු කළේය.
බුද්ධික කුරුකුලරත්න මහතා 1966 දී පමණ ජනතා පුපත්පතේ කර්තෘ මණ්ඩලයට එක්වෙමින් සිය මාධ්‍ය දිවිය ආරම්භ කළේය.
ඒ අතරතුර නීති විද්‍යාලයට ඇතුළත් වූ ඔහු නීති උපාධිය හැදෑරීය.
එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වූ ‘සියරට’ පුවත්පතේ කතුවරයා ලෙස ද කටයුතු කළ කුරුකුලරත්න මහතා ඉරිදා ලක්බිම පුවත්පත සඳහා ‘අම්බලන්ගොඩයා’ නමින් ලිපි පෙලක් ද රචනා කළේය.
මියයන තුරුම සමාජ සේවා කටයුතුවල නිරත වූ ඔහු අඩුආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ප්රදානය, නොමිලේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබාදීම ආදී සේවා රැසක් පවත්වාගෙන ගියේය.
කුරුකුලරත්න මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකි.
ඔහුගේ දේහය හෙට (10) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී පස්වරු 4.00ට සිදුකෙරේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා. මතු උපදින කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොමවේවා..!!!
මැයි 21 වැනිදා දිවාකල ඔබෙන් ලද දුරකතන ඇමතුම අවසාන එකක් වනුයේ යයි නිකමටවත් මට සිතුනේ නැත. විනාඩි 45ක් තුළ පාසැල් සමයේදී සිදුවු රසමුසුතැන් මතකයට නගිමින් සිදුකල සංවාදය අතරතුර ජුනි මස තුළදී එන ඔබේ 68 වැනි උපන්දිනදා සිරිත් පරිදි ගන්නා ඡායාරූපය ගැනීමට නොහැකිවන බව පැවසුවේ ඇයි දැයි දන් මට වැටහේ. 70 වසරක මිතුදමට තිත තබමින් ඔබ මගෙන් සමුගෙන අවසන් ගමන් යනුයේ එයට සභාගීවීමට මට ඉඩ නොතබමිනි. දයාබර කලණ මිතුර ඔබට නිවන් සුව පතමි.
අම්බලන්ගොඩට කරපු වැඩකුත් නැහැ. හැබැයි කරදරයකුත් නැහැ. එහෙත් දිවංගත අනගාරික රයිටර් තිලකසේකර මහතා ඉතා දුරදිග සිතා අහෝසි කළ අම්බලන්ගොඩ ධර්මාශෝකයේ ප්‍රාථමිකය නැවන ආරම්භ කලේ මෙතුමා තමයි. ඒ තීරණය නිසා වෙච්චි හානිය මෙතෙකැයි කියන්න බැහැ... කමක් නැහැ හිතවත, ඔබට නිවන් සුව..!!!
අම්බලන්ගොඩට අභිමානයක් වූ අම්බලන්ගොඩයාට නිවන් සුව පතමි...
අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා..!!!
අත්දැකීම් සම්භාරයක් තිබුන හොද මනුස්සයෙක් . පහුගිය කාලෙක ඉරිදා පත්තරේකට රසවත් කොලමක් දිග කාලයක් ලිව්වා ඔබට සුබ ගමන් ! නුදුටු සොයුර !!